මහරගම වැඩබලන නාගරික ලේකම්ට චෝදනා පත්‍රයක් මහරගම නගර සභාවේ වැඩ ලබන ලේකම්වරයාගේ අක්‍රමිකතා සහ දූෂණ ක්‍රියා යැයි සඳහන් කරමින් එම නගර සභාවේ හිටපු උප සභාපති බන්දු ජයසිංහ මහතා ඇතුළු සමාජ ක්රියාකාරිකයන් පිරිසක් බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාට චෝදනා පත්‍රයක් අද (11) භාරදුන්නේය. 11 September 2023
මොහු ගැන දන්නවා ද ? නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට උපකාර කළ බව කියන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල් රවිදු සංදිප ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. 11 September 2023
වට්ටක්කා ගොවීන්ට හතේ හත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා මිල පහළ බැසීමත් සමග හබරණ වට්ටක්කා ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 11 September 2023
කළුතර හතරක් පෝරකයට තියුණු ආයුධවලින් සහ මොට ආයුදවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද මරණ දඩුවම නියම කළේය. 11 September 2023
මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිය පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය යැයි ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම දැනුම් දුන් බව, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් පෙන්වා දුන්නාය. 11 September 2023
ගුරු උපදේශකයා දැරියගේ අනාගතය වනසලා පෞද්ගලික උපකාරක පන්තියක දී 14 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කරන ලදැයි කියමින්ගුරු උපදේශකවරයෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 September 2023
හොර සහතික පෙන්නා ගුරු පත්වීම ගත් සිවිල් ආරක්ෂකයා මාට්ටු අපොස උසස් පෙළ සමත් බවට ව්‍යාජ අධ්‍යාපනය සහතිකයක් ඉදිරිපත් කර ගුරුපත්වීමක් ලබාගෙන සිටි සිව්ල් ආරක්ෂක භටයකු යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 September 2023
හරක්කටා සී.අයි.ඩීයෙන් පැන යන්න හදලා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වශයෙන් හැදින්වෙන නදුන් චින්තක හෙවෙත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 6 වැනි මහලේ දී විශේෂ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලා යමට ගත් උත්සහයක් විශේෂ කාර්ය බළකායේ එම උප පොලිස් පරීක්ෂකවරයා සැකකරු සමග පොර බදා මහත් පරිශ්‍රමයක් යොදා මෙල්ල කර සිද්ධිය ව 11 September 2023
රත්මලාන වෙඩික්කරුවන් ආ යතුරු පැදිය ගඟෙන් ගොඩ ගනී රත්මලාන ඥානේන්ද්‍ර පාර බෝට්ටු හිමි ව්‍යාපාරිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය බණ්ඩාරගම කිදෙල්පිටිය බොල්ගොඩ ගඟේ අතුගඟක දමා ගොස් තිබියදී අද සවස සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි. 11 September 2023
ශ්‍රීලනිප මහලේකම් පුටුවේ වැඩ බලන්න සාරතී දුෂ්මන්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරේ වැඩ බැලීමට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සාරතී දුෂ්මන්ත මහතා පත්කරනු ලැබ සිටී 11 September 2023
හොර ස්ටිකර් අරක්කු බෝතලයෙන් 2900 ගසා කාලා ව්‍යාජ ස්ටිකර් නිසා මත්පැන් බෝතලයකින් රජයට රුපියල් 2900ක බදු වංචාවක් සිදුවන බැවින් දැනට තිබෙන ස්ටිකර් ටෙන්ඩරය අවලංගු කර නැවත වහාම ටෙන්ඩර් කැඳවන්නැයි ක්‍රම සහ විවිධ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අදාල අංශවලට නියෝග කළේය. 11 September 2023
බඹරකන්දේ තනි වූ යුවළ ජී.පී.එස් තාක්ෂණයෙන් සොයා ගනී හල්දුම්මුල්ල බඹරකන්ද යාල තැන්න දිය ඇල්ල අසල වනයේ දින දෙකක් අතරමංව සිටි යුවළක් අද 11 සවස පොලිසිය ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ කැලෑවට ගොස් සොයාගෙන නිරුපද්‍රිතව බේරාගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 11 September 2023
කෝටි 11ක දුම්වැටි රේගු දැලේ රුපියල් කෝටි එකොළහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි හතලිස් පන් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බහාලුමක් තුළ බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් , ග්‍රේ ලයින් බහාලුම් අංගයේ දී අද (11) පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය . 11 September 2023
මරදානේදී දුම්රියක් පිලී පනී මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය දුම්රිය අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානය වෙත ඇතුළත් කිරීමේදී පිලී පැනිමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 September 2023
කොහුවල - ගැටඹේ ගුවන් පාලම් කොටඋඩ හංගේරියානු රජයේ මූල්‍යාධාර යටතේ ඉදිකෙරෙමින් පැවති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිරිකිරීම් අත්හිටුවීමට සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඒල්. වී. එස්. වීරකෝන් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 11 September 2023
ශෂි වීරවශගේ නඩුව වෙනත් මහෙස්ත්රාත්වරයෙක්ට ආගමන හා විගමන පනත උල්ලංඝනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ පවතින නඩුව වෙනත් මහේස්ත්‍රාත්වරයකු හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 11 September 2023
ඩ්‍රෝන යොදා පෝර ඉසින සාත්තරේ උගත් සෙනඟ ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන පොහොර යෙදීම කෘමිනාශක, වල්නාශක යෙදීම සහ බීජ වැපිරීම සම්බන්ධයෙන් විශේෂිත පුහුණුවක් ලැබූ ඩ්‍රෝන නියමුවෝ 16 දෙනෙක් විසිර ගියහ. 11 September 2023
දුම්රිය වර්ජනය අවසන් කොළඹ දුම්රිය අංගන 5හි සේවයේ නියතු දුම්රිය ධාවනාගාර පයින්ටූකරුවන් සහ තාක්ෂණික ශිල්පීන් අද (11) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබේ. 11 September 2023
නිවසකට පැන තියුණු ආයුධවලින් පහරදීලා යාපනය නිර්වේලි ප්‍රදේශයේ නිවසට කඩා වැදුණු පිරිසක් එම නිවසේ තරුණියකට ඇගේ මවට හා සොහොයුරාට තියුණ ආයුධ වලින් පහර දී තුවාල සිදුකර ඇති බව කෝපායි පොලිසිය පවසයි. 11 September 2023
ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්වයට දින දෙයි ජනමාධ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2023’ සඳහා අයදුම්පත් ලබන ඔක්තෝබර් මස 11 වැනි දින හෝ ඊට පෙර යොමු කළ හැකි බව එම අමාත්‍යංශය නිවේදනය කරයි. 11 September 2023
දුම්රිය ධාවනාගාර සේවකයින් වර්ජනයක දිරිදීමනා නොගෙවීම හේතුවෙන් දුම්රිය ධාවනාගාර සේවකයින් අද (11) උදේ සිට රාජකාරි වලින් වැලකී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි දුම්රිය කම්කරු එකතුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පැවසීය. 11 September 2023
පෙම්වතාගේ පහර කෑ පෙම්වතිය මරුට එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයකදී ඉකුත් 2 දා පෙම්වතාගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ල බා වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවූ පෙම්වතිය මියගිය බව නිට්ටඹුව පොලිසිය පවසයි. 11 September 2023
කොළඹට කිරි කොළඹ හා අවට ප්‍රදේශවල නිවාස වලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අද (11) සිට ඇරැඹීය. 11 September 2023
සිංගප්පූරුවේදී බිරිඳ ඝාතනය කළ ලාංකික සැමියා අත්අඩංගුවට සිංගප්පූරුවේ කටොන්ග් පළාතේ, සංචාරක හෝටල් කාමරයක, සිය බිරිඳ ඝාතනය කළේ යැයි චෝදනා එල්ල වූ ශ්‍රීලාංකික තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව, එරට මාධ්‍ය වාර්තා කරයි. 11 September 2023
කන්ටේනර් 965ක් වරායේ හිරවෙලා විවිධ භාණ්ඩ ඇතුළත් කන්ටේනර 965ක් පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් වරාය පර්යන්තයේ සහ රේගු අංගනවල සිර වී ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ. 11 September 2023
කෘෂි නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට තිබූ බලයක් අත්හිටුවයි කුඹුරු ඉඩම් ලේඛනයේ සඳහන්ව නොමැති ඉඩම් කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කිරීම සඳහා කෘෂිකර්ම නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට ලබාදී තිබූ බලය කුරුණෑගල දිස්ත්‍රිකය ඇතුලත අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 11 September 2023
යතුරු පැදියේ ගැටී අයෙක් මරුට හොරණ පාදුක්ක මාර්ගයේ කැබල්ලගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් බරපතළ තුවාල ලද පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 11 September 2023
සෝමපුර විදුහලට අලි පහර දෙති කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරැනුවර කොට්ඨාසයේ පිහිටි සෝමපුර ආදර්ශ විද්‍යාලයට වල් අලි කඩා වැදී ප්‍රාථමික පංති පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලකට පහරදි හානි සිදුකර ඇතැයි සේරැ නුවර පොලිසිය කියයි. 11 September 2023
රාජ්‍ය නිලධාරීන් ගැන 1905 ට කියන්න දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් සෙසු සියලුම ආයතනවල සේවය කරන නිලධාරීන් කරන්නේ යැයි කියන අකටයුතුකම් 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. 11 September 2023
තැපැල් නිල වෙබ් අඩවියෙන් මුදල් වංචාවක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවත් එම වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර වංචා ක්‍රියා සිදු කරන බවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 11 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026