(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සංවිධායක ධුර සඳහා සමහරුන් පත් කළේ පුද්ගලයින් ගැන හරි වැටහීමකින් හෝ දේශපාලන මණ්ඩලයක අනුමැතිය මත නොවෙි යැයි ද ඔහු සමහරුන්ට සංවිධායක ධුර දුන්නේ ඔවුන්ගේම පිට උඩ තබා පත්වීම් ලිපියට අත්සන ගසා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පක්ෂය පිරිහෙන්නට හේතු වුයේ එවැනි ක්‍රියා බවද අමරවීර මහතා කීය.
දයාසිරි යනු හෙණ ගහන විට එලියට වීසි කරන යකඩ කෑල්ලක් පමණක් යැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පොල් සංවර්ධන අධිකාරියේ පැවැති වැඩසටහනකට අද (8) සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
ශ්‍රී ලනිප දේශපාලන මණ්ඩලය විසින් පක්ෂයේ වැඩබලන සභාපති තනතුරට ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කිරීම නීත්‍යානුකූල නැතැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ "එයා කියන දේවල් අපිට අදාල නැත" යනුවෙනි.
"මන්ත්‍රීවරු 140ක් හිටපු පක්ෂයක් අපි සිරිසේන මහත්තයට බාර දුන්නේ. දැන් ඒ ගාන දෙක දක්වා අඩු වෙලා.එහෙම කළේ අපි නොවෙයි .පක්ෂයේ හිටපු සභාපතිවරයායි" යනුවෙන් ද මහින්ද අමරවීර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනවා කිව්වත්, ඊළඟට එන මැතිවරණ වලට ඕගොල්ලෝ අදාළ නැහැ.
තමුන් කියලා නිකම්ද? අලියගේ පිටේ නැගලනේ ඉන්නේ?
චන්ද්‍රිකා අත්සන් කළේ කොහේ තියලද?
මේ සේරම කියන්නේ ඡන්දෙ ළන් වෙලානේ... එකට ඉඳන් රටේ රීරි මාංසෙ උරාබොද්දී ඕවා මතක් වුණේ නෑ නේද? දැන් ඔය චග්ගුඩු ගේම හොඳටම ඇති. මොන ඔලුබක්කෝ දාගෙන ආවත් මේ පාර ගෙදර නොයැව්වොත් රට විනාසයි. රනිල් යනකන් ඉඳලා ආයිත් එන්නෙත් රාජපක්ෂලාම තමයි. ඇවිත් ආයෙත් සුද්දේ දෙනවා සිකුරුයි. පුතාණෝ වටේටත් ඉන්නේ ඉස්සර ආණ්ඩුවේ ඉඳන් රටකාපු හොර හැත්තම තමයි.
උබලා මෛත්‍රීට දුන්නු පක්ෂයක් නෑනේ. පක්ෂේ බාර දුන්නේ මහින්ද රාජපක්ෂ. 140ක් මන්ත්‍රීවරුන්ගෙන් 2ට බැස්සුවේ මෛත්‍රී නම් 140ට නග්ගලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ නේද?