
(යොහාන් භාසුර)
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කෙනෙක් නොවන බවත් එතුමිය පසුගිය කාලයේ නව ලංකා නිදහස් පක්‍ෂය කියන පක්‍ෂයේ වැඩකටයුතු කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන ලේකම් නීතිඥ සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද (8) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන ලේකම් නීතිඥ සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (8) පස්වරුවේ එසේ පැවසීය.
චන්ද්‍රිකා මැතිණිය නව ලංකා නිදහස් පක්‍ෂ කියලා එකක් හදාගෙන හාවෙක්ගේ පිට උඩ යමින් සිටි බව කී මිත්‍රපාල මහතා චන්ද්‍රිකා මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කටයුතුවලට සම්බන්ධ නොවූ බව ද සඳහන් කළේය.
දුමින්ද දිසානායක මහත්මයම කියනවා නම් චන්ද්‍රිකා මැතිණිය දේශපාලන මණ්ඩලයේ නෑ කියලා එහෙම කෙනෙක්ට දේශපාලන මණ්ඩලයට උපදෙස් දිය නොහැකි බව ද ඒ මහතා පැවසීය.
විවිධ ප්‍රකාශ කරන කණ්ඩායමේ මතය මොකක්ද යන්න රටම දන්නවා බවත් රනිල් වික්‍රමසිංහ තරම් හොඳ ජනාධිපති කෙනෙක් මේ ලෝක නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා පැහැදිළිව කියන පසුබිමක් තුළ ඔවුන්ගේ ඉලක්කය කුමක්ද යන්න පැහැදිළි බවත් ඒ මහතා කීය.
ව්‍යවස්ථාව ඒකාධිපති යැයි 2018 සංශෝධිත ව්‍යවස්ථාවට යෑමෙන් අධිකරණය තීරණය කළ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බව කී මිත්‍රපාල මහතා ව්‍යවස්ථාව අනුව බොහෝම පැහැදිළිව දේශපාලන මණ්ඩලය යැයි කියන රැස්වීම නීතිවිරෝධි එකක් නිසා ඒ පිළිබඳව අධිකරණයට යන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය දී තිබෙන වාරණ නියෝග 18 වැනිදා නැවත කැඳවලා නිසා වාරණ නියෝගය කියන්නේ තාවකාලික දෙයක් බව කී මිත්‍රපාල මහතා පැවසුවේ දින 10 කට මේ පිරිස සියලුම රඟපෑම් කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට තියෙන ප්‍රශ්න..!
විජේදාස මහත්මයාගෙන් උපදෙස් ගන්න තමුන්ට හොඳයි. චන්ද්‍රිකා නෝනාට තමයි උපදෙස් දෙන්න බැරි?
පක්ෂෙ නැහැ කිව්වාට එහෙනම් ඔය අය වැසිකිළි වළ වටේ කැරකෙනවා වගේ හැම දේටම එන්නේ...?
චන්ද්‍රිකා මැතිණිය පක්ෂයේ නිර්මාර්තෘ දිවංගත බණ්ඩාරනායක මහතාගේ දියණිය. එතුමියට නැති අයිතියක් වෙන කාටද තියෙන්නේ? සදාචාරයක් නැති අය මොන දේශපාලනයක්ද මේ කරන්නේ? රට පාවලා දුන් අයටද ගරු කරන්නේ..?