( බී.ජී. චතුරංග සහ නුවන් කුමාර )

අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී  සිදුවූ රිය අනතුරකින්  තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , තලාව කැකිරාව මාර්ගයේ, තලාව නගරයට ආසන්නව  පදිංචිව සිටි ගෝවින්දගේ ඉශාන් නිමන්ත නැමති 23 හැවිරිදි  සංගීත ශිල්පියකි .

අද  (8) අනුරාධපුර දෙස සිට තලාව ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි  මෙම තරුණයා තලාව ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට දී  එම යතුරු පැදිය  මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.