
(ආරියරත්න රණබාහු)
කතා පැවැත්වීම හැර විවාද කිරීමේ ඉතිහාසයක් සජිත් ප්‍රේමදාස මහතා සතු නොවන නිසා ඔහු විවාදයකට තල්ලු කිරීම පක්ෂය ඇතුලෙන්ම ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක්දැයි සැක සිතෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ත්‍රිකුණාමලයේදී පැවසුවාය.
ගැහැණු එක මිටට තේමාව යටතේ පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාන්තා සමුළුවේ දී මන්ත්‍රීවරිය එසේ කීවාය.
එහිදි ඇය මෙසේද පැවසුවාය .
අවුරුදු 76ක් මේ රට පාලනය කළ අය රට බංකොළොත් කරලා දැන් අපේ ප්‍රතිපත්ති මොනවද කියල අහනව සතියෙන් සතිය අලුත් මාතෘකා ගෙන විත් පුස් වෙඩි වගේ විනාශ වෙලා යනවා.
දැන් තියෙන අලුත්ම මාතෘකාව විවාදයකට එන්න ලු.විවාද කරන්න අපි සූදානම් ඒකට පිළිවෙලක් කලාවක් තියෙනවා .ඉස්සර වෙලාම එන්නේ ජනාධිපතිවරණය මැතිවරණයට ඉදිරිපත් වෙන්නැති අය සමග විවාද කරලා තේරුමක් නෑ .
ඕනෑම කරුණක් සඳහා අපි අපේ අපේක්ෂකයා විවාද කරන්න එවන්න සූදානම්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙනත් ජනතාව ඉදිරියේ අපි විවාදය පවත්වමු. ඒක කිව්වම මුහුණ දෙන්න බැරුව යට යනවා ඔය විවාද මාතෘකාව අරන් තියෙන්නේ ප්‍රේමදාස මහත්තයාව යට යවන්න. මේක ඇතුලෙන්ම සිදුවෙන කුමන්ත්‍රණයක් හැටියට මට හිතෙනවා .
සමගි ජන බලවේගය කිව්වට අපිට කියන්න තියෙන්නේ ඒක අසමගි බලවේගය කියලා ඔවුන්ගේ නායකයාට ඔවුන් හරස් වෙනවද කියල මට සැකයි. ඕක සමහරවිට රනිල්ගේ කුමන්ත්‍රයක්ද දන්නෙනෑ සජිත් අමාරුවෙි දාන්න. යැයි මන්ත්‍රිවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා මොකටද පැනලා දෙන්නේ. ඒක එයාලා බලාගනීනේ, ඔයා මොකටද පැනලා දෙන්නේ.
ඔච්චර තමුන්ගේ පක්ෂේ නායකයා සහ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති විශ්වාස නම් අනුන්ගේ පක්ෂවල කුණු අවුස්සන්නේ නැතුව විවාද කළානම් ඉවරයිනේ නෝනේ...!
සජිත්ට ජබර කලන්තේ හැදිලාලු. හොරසල්ලි ගහන මැෂින් එක කොල්ලුපිටියේ තැනක හැංගුවා කියන්නේ ඇත්තද?
මේ දවස්වල පාන්දර නැගිට්ට වෙලාවේ ඉඳලා සජිත් පුතානෝ ,එරාන්ගෙයි, හර්ෂගෙයි මෑණියන්ව මතක්කරනවාලු.
හරිනී ළමයෝ දන්නා දෙයෙන් දොඩන්න, තමාගේ තරමට ඉදිමෙන්න, ඔය මිනීමරුවන් පස්සෙන් ගිහින් අපට වුණ දේ නොකරගන්න.
විවාද කියන්නෙ නිකම් බොරු කුළල් කා ගැනීම් විතරයි. කාලය නාස්ති වීම, ලේ කුපිත වීම හැර වෙන් ප්‍රතිඵලයක් කාටවත් නෑ.
ඔයයි, ටිල්විනුයි අතර විවාදයක් තියන්න. හරිනි කියනවා ජවිපෙ ප්‍රතිපත්ති සහ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රතිපත්ති අතර වෙනසක් තියෙනවා කියලා. ටිල්වින් කියනවා දෙකම එකයි සහ එයාලාගේ තියෙන්නේ සමාජවාදී ප්‍රතිපත්තිය කියලා. සමාජවාදයට බය වෙන්න එපා කියලා. බොරු බයිලා නැතුව හරියට ආර්ථික ප්‍රතිපත්තිය කියන්න. පොහොට්ටු ආණ්ඩුවට වුණු දේ මතකයිනේ. බැසිල්ගේ ප්‍රතිපත්ති එක්ක විමල්ල ගැටුණා. අන්තිමට ආණ්ඩුව චකබ්ලාස් වුණා...
සමගි කියන්නේ සජිත් (ස) මද්දුම (ම) බණ්ඩාර දෙදෙනාගේ ගිවිසුම(ගි) කියන්න පුළුවන්... සජබ කියන්නේ සජිත්, ජලනි බලවේගය කියන්න පුළුවන්... ඒක කොහොම වුනත් ඒක අපිට එතරම් කිසිම වැදගත් කමක් නැහැ... ඒත් ඔබතුමිය බුද්ධිමත් තැනැත්තියක් හැටියට දුරදිග නොබලා කියන ඔය කතාවේ අවුරුදු 76ක් රට පාලනය කළ අයට දොස් කීම පිළිකුල් සහගතයි... මොකද 1971 අප්‍රේල් මාසයේ 5 වැනිදා සිට ජනතා විමුක්ති කැරැල්ල සිදුවී අදට අවුරුදු 53 ක් ගතවෙලා අවසන්. තවමත් පවතින විවිධාකාරයෙන් කරන බාධා නිසා ඔබලාගේ අවුරුදු 53 එලෙසම ගන්නවා... ඒ අතර එල්ටීටීඊය අවුරුදු 30 ක් රට විනාශ කළා... දෙගොල්ලන්ම එකතුව අවුරුදු 83 ක් වෙනවා. සාධාරණයක් ලෙසට එය දෙකට බෙදුවාම අවුරුදු 41 මාස 6ක් වෙනවා. එතකොට ඒ කාලය 1948 සිට පාලනය කළ අයගේ පාලනය ලෙසට ඔබ හඳුන්වන අවුරුදු 76ක කාලයෙන් අඩුකළාම ඉතිරි වෙන්නේ එජාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විවිධ සංධාන හා පෙරමුණු රටේ පාලනය කළ ශුද්ධ කාලය තමයි මම කියූ අවුරුදු 41 යි මාස 6ක කාලය බාධාවක් නැතුව රටේ සංවර්ධනය වුණා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ මැතිණියනි...!
අනිවාර්යයෙන්ම ඒක තමයි ඇත්ත, එහෙම කරලා ජනාධිපතිවරණයට සජිත්ට ඉල්ලන්න බැරි තත්වයකට පත්කරලා රනිල් පොදු අපේක්ෂකයා කරන්න ගහන ගේමක් මේක...
නිකන් අදාල නැති තුට්ටු දෙකේ කථා කියන්න එපා. විවාදයට සජිත් ලෑස්තියි කිව්වානේ. දැන් ඒ සඳහා වැඩ කටයුතු කරන්න. බාල දේශපාලනය නොකර...!
මෙයාත්, චන්ද්‍රිකා, ඩයනා, පවිත්‍රා, හිරුනිකා වගේ කටින් කටින් බතල කොළ අම්මණ්ඩි කෙනෙක් කියලා දැන් දැන් ඔප්පු වෙනවා. ඇයි නෝනේ සජිත්ට තියෙන්නේ කතා පැවැත්වීමේ ඉතිහාසයක් නම්, ඔබතුමියගේ නායක උන්නැහේට තියෙන්නේ කට උල් කර බොරු කීමේ ඉතිහාසයක් කියලා කියන්න පුළුවන්නේ මහජනයාට...!
මාලිමාවට ජයවේවා... !!!
සජිත් කට්ටඩියෙක් හොයනවාලු .
සජිත් මිත්‍රයා පරදින්න වුණත් ඒක වචනයෙන් විවාදයට එකඟ වුණා. අනුර සහොදරයා දැන් කැමැත්ත ප්‍රකාශ කළයුතුයි...
සජිත් පුතානෝ දන්නේ හොරසල්ලි ගහන්නයි, නිධන් කඩන්නයි, කටවල් කපන්නයි, හාල් බෙදන්නයි .. විතරයි. ඔය වාදවලට පුතානෝ එන්නේ නැහැ. මිනිහා දන්නවා ආවොත් නාගන්න වෙනවා කියලා...
ඉස්සරවෙලාම විවාදයකට කතා කළේ එයාගේ නායකතුමන්, ඒකට හා කියනකන් විවාදයක් විවාදයක් කිය කියා ඉඳලා මොකද එකපාරටම හා කරමු කියපු ගමන්ම සින්දුව වෙනස් වුණේ...?
අවිවාදයෙන් මේ පාර මාලිමාව ඉදිරියට...
අපේක්ෂකයන් අතර දේශපාලන විවාදයක් පැවැත්වීම සුදුසු වේ...
නෝනේ ඔයාලාගේ ඔලුව ඉදිමිලා තියෙන හැටියි, ඔයාලාගේ කුලියට කොටන කන්ඩායමේ වචන භාවිතයයි දැක්කම හිතාගත්තැකි ඔයාලාටත් කට්ටක් හරි සූප්පන්න ලැබුනොත් කොහොම සමගියක් තියේවිද කියලා...
මාලිමාව, සමගි බලවේගයට වඩා ඉදිරියෙන්, ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් ඇත. මේ රට ආර්ථිකව කඩා වැටී ඇති මොහොතක, වඩා හොඳින් එය හසුරවන්න ඔවුන්ට පුළුවන් විය යුතුය. හඳුන්නෙත්ති හා ආර්ථික කණ්ඩායම ඇයි මේ වාදය මග හරින්නේ...?
ඔයාලගේ සවිස්තර ප්‍රතිපත්ති ජනතාව අතට පත්කරන්න නිකන් වටේ කැරකෙන්නේ නැතිව. ඔය උගත් කෙනෙක්නේ දේශපාලකයෝ වගේ වටේ කරකවන්න උත්සාහ කරන්න එපා...
සජිත්ව වාදයට කවුරුත් තල්ලු කලේ නැහැ ගැහැණියේ. වාදය ඉල්ලුවේ සජබයේ මන්ත්‍රී වරු ජෙප්පොත් එක්ක . සජිත්ට අනුර සමග වාදයට අඬ ගැසුවේ හඳුන් හෙට්ටිය. උඹ නින්දෙන් නැගිටලා වගේනේ කතා කොරන්නේ.
හරිනි ඔයා යන්නකෝ විවාදයට. අනුර බය නම්. ඔයා තමයි සුදුසු ජනධිපති අපේක්ෂක වෙන්න.
නොකෙරෙන දීගයේ සෙවනැල්ලත් ඇදයි කියලා නෙමෙයි ද ඔය කියන්නේ කොහොමත් ජවිපෙ මෙතෙක් කරපු විවාද අභියෝග මොනවද කියලා හොයලා බැලුවා නන් .....