(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ පදිංචිව සිටි වාහන පින්තාරු කිරීමේ නිරතව සිටි පුද්ගලයකු අද (8) සවස නාඳුන්න පුද්ගලයකු  කරන ලද වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ වෙඩිකා මියගොස් ඇත්තේ  ප්‍රසන්න ලක්මාල් ඩයස් නමැති අයෙකි.

වෙඩි කෑ ලක්මාල් ඩයස් නමැත්තා ගම්පහ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

මෙම පුද්ගලයා ගේ බෙල්ලට උදර ප්‍රදේශයට සහ එක් අතක වෙඩි වැදුණු තුවාල පෙනෙන්නට ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

-----------------------------------

(පුෂ්පකුමාර මල්ලවාරච්චි)

ගම්පහ කටුගස්තර දී නාඳුනන පුද්ගලයකු සිදුකළ වෙඩිතැබීමකින් තරුණයකු  මියගොස් ඇතැයි පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.