
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකට පැවැත්වීමට හැකි නීතිමය පසුබිමක් රටේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පැවසීය.
මැතිවරණ දෙකම එකට පැවැත්වීම ජනප්‍රිය මාතෘකාවක් වුවත් එමගින් වියදම අඩුවේදැයි යන්න ගැටළුවක් බවත් සමහර විට මෙය වියදම වැඩිවීමට බලපාන කාරණයක් විය හැකි බවත් ඔහු කීවේය.
නිශ්චිත කාලවලදී ඒ ඒ මැතිවරණ පවත්වන්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවන බවද රත්නායක මහතා කීය.
මේ වර්ෂයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියට වුවමනා වෙලා තියෙන ඡන්ද ටික ඔක්කෝම එකවර පවත්වලා හො තමන්ට ලැබීමට නියමිත ඓතිහාසික පරාජයේ අවමානය අඩුකර ගන්න පුළුවන්ද කියලා බලන්නයි. කොහොමද ඡන්ද තැබූවත් මහජනතාව විසින් ලොවෙත් නැති වෙන්න පරදවනවා ඔය කල්ලිය අනිවාර්යයෙන්ම...!