
(යොහාන් භාසුර)
උත්සව සමයේ ජනතාවට සහන සැළසීම සඳහා ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (8) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 300 කින්, චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 120 කින්, ඉන්දීය සහ පාකිස්තානු ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 50 බැගින්, සුදු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින්, පාකිස්ථානු අර්තාපල් කිලෝවක මිල රුපියල් 10 කින්, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 7 කින් සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3 කින් අඩු කළ බව සතොස සඳහන් කරයි.
වියළි මිරිස් කිලෝවක නව මිල රුපියල් 850 ක් ද, චීන ලොකු ලූනු කිලෝවක නව මිල රුපියල් 375 ක් ද, ඉන්දීය සහ පාකිස්තානු ලොකු ලූනු කිලෝවක නව මිල රුපියල් 445 ක් ද, සුදු ලූනු කිලෝවක නව මිල රුපියල් 680 ක් ද, පාකිස්තානු අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 165 ක් ද, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 298 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 189 ක් ද, බවට පත්වූ බව ද සතොස කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd