(ඩබ්ලිව්.ඒ. අසේල)

හගුරන්කෙත සිට ලූල්කඳුර දක්වා ඇගලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ලූල්කදුර විදුහල ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් බස් රථයේ ගමන්ගත් ඇගලුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

මෙම බස් රථයේ සේවිකාවන් හතලිහක් පමණ ගමන් කරන අතර සවස වැඩ ඇරී සේවිකාවන් නිවෙස්වලට ඇරලවන අතර මෙම බස් රථය අනතුරට මුහුණපා ඇති අතර ඒ  අවස්ථාවේ එහි ගමන් කර ඇත්තේ සේවිකාවන් දෙදෙනකු පමණක් බව ද පොලිසිය කියයි.

සාමාන්‍යයෙන් මෙම බස් රථයෙන් සේවිකාවන් 40ක් පමණ ප්‍රවාහනය කරන අතර අනතුර වන විට සේවිකාවන් වැඩි ප්‍රමාණයක් බස් රථයෙන් බැස තිබූ අතර බස් රථය පෙරලෙන අවස්ථාවේ සේවිකාවන් දෙදෙනෙකු පමණක් බස් රථය තුල සිට ඇති අතර ඔවුන් දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා දෙල්තොට රෝහලට ඇතුලත් කොට ඇත.

සේවිකාවන් වැඩි ප්‍රමාණයක් බස් රථයේ එම අවස්ථාවේ නොසිටි නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බව ප්‍ර දේශවාසින් පවසා සිටි.