IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙලක්ෂ පනස් අටදහසකට දරුවන් එපා වෙලා

(සුජිත් හේවාජුලිගේ )

පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම  පසුගිය වසර දහයේදී  හතළිස් දහසකින් පමණ පහත බැස ඇතැයි   අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දරු උපත් ප්‍රමාණය  අඩුවීම  මේ තත්වයට ප්‍රධාන හේතුවක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

රජයේ පාසල් සදහා පළමු ශ්‍රේණියට  ඇතුළත් කෙරෙන  දරුවන්ගේ  සංඛ්‍යාව  ක්‍රමයෙන් අඩුවිමේ  තත්වයක් දක්නට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත නිරික්ෂණය කිරීමේදීද  පැහැදිලිවම පෙනී යයි. අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත වලට අනුව  2021  වර්ෂයේදි  පළමු ශ්‍රේණියට ඇතුළත්  කෙරුණු  සිසුන්ගේ සංඛ්‍යාව  304105කි.

පසුගිය 2022 වර්ෂයේදි පළමු  ශ්‍රේණියට  ඇතුළත්  කළ දරුවන්  සංඛ්‍යාව  292,216ක් දක්වා  11,889කින් අඩුවි ඇත

මේ අතර පවුල් සෞඛ්‍ය කාර්යංශයේ  දත්තවලට අනුව  2022 වර්ෂයේ දි  මෙරට පුද්ගලයින්  258,235 දෙනෙකු  පවුල් සැලසුම් සදහා යොමුවි තිබුණි.

මින් 30719 දෙනෙකු වන්ධ්‍යාකරණ සැත්කම්වලට යොමුවි තිබිණ. මෙම දත්ත අනුව පෙනි යන්නේ අලුත බැදපු ජෝඩු පවා දරුවන්   හැදිම  සිමාකොට ඇති බව යැයි ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාවල සඳහන් වේ.



අදහස් (9)

දෙලක්ෂ පනස් අටදහසකට දරුවන් එපා වෙලා

රටවැසියා Monday, 08 April 2024 11:08 AM

සංඛ්‍යා ලේඛන හදා හදා ඉමු, වෙන මොනව කරන්නද, අධ්‍යාපනය දේශපාලනයකරණය වු දා ඉඳලා රටේ දරුවෝ අනාථ වුණා!

:       0       35

එරංග Monday, 08 April 2024 11:14 AM

හුදු ලිංගික තෘප්තිය විනා දරුවන් වැදීමක් ගැන තැකීමක් දැන් යම් යම් තරුණ කොටස්වලට නොමැත. සියල්ල පහසුවෙන් කර ගැනීමට අපේක්ෂා කරන ඔවුන්ගේ ජීවන චර්යාවට අනුව දරුවන් වෙනුවෙන් කාලය වැය කිරීම 'වදයක්' බවට ඔවුන් විසින් පත් කර ගෙන ඇත. කෙසේ වුවත්, එම තත්වය සගවා "දරුවන්ට කන්න දෙන්න වියදම් කිරීමට නොහැක, අධ්‍යාපනය සදහා ලොකු මුදලක් වැය වේ" වැනි මනස්ගාත ඔවුන් විසින් ආවරණයක් කර දක්වන බව පෙනේ. නමුත් එම පිරිසම බාහිර අටෝපයට සැළකිය යුතු මුදලක් වියදම් කරන බවත් නිරීක්ෂණය කළ හැකිය. රට හැර යාම එකම විසඳුම ලෙස කල්පනා කිරීමට එහිම දිගුවක් මිස වෙනකක් නොවේ. මෙම තත්වයට පිළියම් යෙදිය යුත්තේද ඔවුන් විසින්ම මිස වෙනත් බාහිර පාර්ශවවලට නොවේ.

:       10       49

උඩගම Monday, 08 April 2024 11:29 AM

මෙසේ සිදු වෙමින් පවතින්නේ දරුවන්ට ඇති ආදරය, ඇල්ම අඩුවීමෙන් නොව යුගදිවියට එළඹුණු දෙපළකට දරුවකු ජීවත් කරවීමට තබා තමන්ටවත් කුස පිරෙන්නට කෑම ටිකක් කා, ඉඳහිට හෝ ඇඳුමක් පැළඳුමක් මිලදී ගෙන, වසර ගණනක් කාමරයක් ‌හෝ ගෙයක් දොරක් තනා ගැනීමට මුදල් නොමැති වීමෙන් බව තේරුම් ගත හැකි තරමේ ‌මොළයක් ඇති පාලකයන් බිහි වේවා !

:       1       58

ravin Monday, 08 April 2024 11:39 AM

පොදු ජනතාවට 225 නඩත්තු කරනවා හැරෙන්න වෙන කිසිවක් ඉතිරි වෙලා නැහැ.

:       1       25

Lakmal Monday, 08 April 2024 12:42 PM

ඉතුරු ටිකත් එපා කරපල්ලා. එතකොට හරි.

:       1       26

janaka Monday, 08 April 2024 04:53 PM

ළමයි හදන්න පුළුවන්... කව්ද නඩත්තු කරන්නේ? අහිංසක දරුවන් මිහිමතට ඇවිත් පිටි වීදුරුවක් බොන්න පුළුවන්ද? කන්න තියෙන්නේ වස.. ඊට පස්සේ පිළිකා, අරවා මේවා... කව්ද ඕවාට වග කියන්නේ..? විදේශ රටක නම් ඔන්න කමක් නැහැ ළමයි හැදිල්ල... එපා වෙන්න ගිහිං බලන්න අපේක්ෂා රෝහලට... වස හද හදා අපිට ළමයි හදන්න කියනවා ඒවා ගිල්ලවන්න ඉස්කෝලෙකට දැම්මාම ගැරිල්ල ගැරිල්ල මොන්ටිසෝරියේ ඉඳලා ගැරිල්ල...

:       0       0

Sarasi Monday, 08 April 2024 05:34 PM

පාසලකට දාන්න පුදුම මඩක් කන්න වෙනකොට මිනිසුන්ට ළමයි හදන්න හිතෙයිද? ළමයාට කෑම බීම, ඇඳුම්, සපත්තු, ඇයි බෙහෙත්, ඒකත් විශ්වාසයකින් බෙහෙත් විඳගන්න පුළුවන්ද? ඔය ඔක්කෝම එක්ක බැලුවාම කරදරයක් නැතිව සතුටින් ඉන්න ළමයි හදන්න පුළුවන් 225ට විතරයි...

:       0       0

චන්දපාල Monday, 08 April 2024 09:15 PM

මෙතුමාගේ ඒකායන පරම පවිත්‍ර අරමුණ මීළඟ මහමැතිවරණයේ දී මනාප ලැයිස්තුවේ සිය බලය තහවුරු කරගැනීමයි. ඒ නිසා තමයි දෙමව්පියන්ගේ ආකර්ෂණයට හසු වෙන්න සීමාව ඉක්මවා සමාජ මාධ්‍යට තුරුලු වෙන්න දඟලන්නේ...!

:       0       0

Perera Tuesday, 09 April 2024 05:01 AM

නුසුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට ඇරියාම මේවා තමයි ප්‍රතිඵල...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site