(විමුක්ති එස් රුද්‍රිගු)
මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධ බහුලව සිදුවන වහල් කඳවුරු වල සිරවී සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 48 දෙනා මුදා ගැනීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි එරට මිලිටරි ජුන්ටාව ප්‍රකාශ කර තිබෙන බව තානාපති ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එයට හේතුවී ඇත්තේ එම වහල් කඳවුරු පවතින මියවඩි ප්‍රදේශයේ පාලනය වාර්ගික සන්නද්ධ කණ්ඩායම් සතුව තිබීම බව ආරංචි මාර්ග පැවැසුවේය.
එම ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු සිරවී සිටි බවත් මේ වනවිට ඉන් 8 දෙනෙකු බේරා ගෙන ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
බේරාගත් 8 දෙනා තායිලන්තය හරහා ශ්‍රී ලංකාවට එවීම සඳහා ලියකියවිලි සුදානම් කරමින් සිටින බව ආරංචි මාර්ග පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ SF හරි, කමාන්ඩෝ හරි ටීම් දෙක තුනක් යවමු..!