(සුජිත් හේවාජුලිගේ )
බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටද පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයට සහභාගිවීමට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රඹුක්වැල්ල මහතා එම විවාදයට සහභාගිවීමට කැමති නම් ඊට අවස්ථාව සලසා දීමට කටයුතු සලසාදිය හැකි බවයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීමටද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා සහභාගිවිය.
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන විසි 24, 25 සහ 26 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
බාල බෙහෙත් සිද්ධිය පිළිබඳ නඩු විභාගය අවසන් වනතුරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බාරයේ තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය පසුගියදා නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් මේ අමන වැඩවලිනුත් අහිංසක මනුස්ස ජීවිත නේ නැතිවුණේ...
මට හිතුවේ අසනීප තත්වයක් ඇතිවූ වෙලාවක උන්දැම ගෙන්වූ බාල එන්නතක් විදලා යම් අසාත්මිකතාවක් වුණොත් එළියට එන්න අවස්ථාව දේවි කියලා. ලැජ්ජාවක් තියෙන කෙනෙක් නම් ජේලර්ලා වටකර ගෙන අධිකරණයට හැර වෙනත් කොහේවත් යන එකක් නැහැ කියලා හිතෙනවා.
ආවම අවස්ථාවක් දෙන්න සැඟ වූ බෙහෙත් පෙන්නන්න
ඒවට කමක් නෑ... ආපහු ඇතුළට යවන්න ජේලර් ලා වග බලාගන්න. මේ තරම් දරුණු කෙනෙකුට... නිදැල්ලේ ඉන්න දෙන්න එපා...
ඔය බෙහෙත මෙයාව පාර්ලිමේන්තුවට ගෙන්නන්න හදන ලොක්කෙක්ගේ තට්ටෙට විදලා බලන්න බැරිද ?
එහෙම ගෙනැල්ලා ආපහු බලු කූඩුවට දාන්න අරගෙන යනකොට, පැයක් විතර ඇඳුම් ඔක්කොම ගලවලා , " බුල්සුට් එක පිටින්" දෙහිවල සත්තු වත්තේ වානරයින්ට වෙන්වුන කුඩුවක දාලා මහජන ප්‍රදර්ශනයට තියන්න.(වානරයින් සමග එකට තියන්න එපා !!! - " හොර බෙහෙත් මිනිස්සුන්ට දීලා, මිනීමරලා, අන්ධකරලා.. අපිට නින්දා කළා" කියලා වානරයින් කේන්තියෙන් සම්බෝල හදයි.)
පාස්කු ප්‍රහාරය නිසා මියගිය අසරණයින්ට තවදුරටත් අවමන් නොකර වෙන අතක් බලාගත්තා නම් නරකද?
යමලොවට යවන්න ඕන කෙනෙක් පාර්ලිමේන්තුවට ආයිත් ගෙන්වනවා නම් ලංකා පාර්ලිමේන්තුව ගැන ලොවට යන පණිවිඩය මොකක්ද?
ඉස්සෙල්ලාම තමන් කර ගත් වින්නැහිය ඉවරයක් කර ගන්න. එලියේ ඉන්න අත උස්සපු යාලුවෝ ටික වෙන්න ඇති පොඩි වෙලාවකට හරි ගෙන්න ගන්න හදන්නේ. ඕක තමා තේරුම් ගන්න ඕනැ. මොන තරම් පාදඩ කම් කලත් නිදහස කියන එක කොයි තරම් වටිනවා ද කියලා. පාස්කු ප්‍රහාරයක් ගැන මුන්දගෙන් මොනවා අහන්නද?...... තවත් අපේ බදු මුදල් විනාස නොකර රටට වටිනා දෙයක් කරන්න හදන්න. එළියේ ඉන්න උන්ටත් තාම ලැජ්ජා නෑ වගේ...