(අංජුල මහික වීරරත්න)
කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අදාල ඉඩම් පවරා ගැනීම සඳහා රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත අත්තිකාරම් ගෙවීමක් වශයෙන් රුපියල් මිලියන 52ක් වරාය අධිකාරිය විසින් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත ගෙවා ඇතැයි රජය පවසයි.
අදාල ඉඩම් කොටස් කිහිපය විධිමත් නීති ක්‍රියාමාර්ග අනුගමනය කරමින් රජයේ ඉඩම් ආඥා පනතේ 6(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නිරවුල් අයිතිය සහිත ප්‍රදානයක් වශයෙන් පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිකුණාමලයේ සිමෙන්ති කම්හල පිහිටෙව්වේ කිසියම් හේතුවක් ඇතුව වෙන්න ඕනෑ. සමහර විට එහි සිමෙන්ති සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔය ආකාරයට වරායට දුන්නාම එහි පවතින සිමෙන්ති අමුද්‍රව්‍ය නාස්තියක් වෙන්න පුළුවන්.. ඒක නිසා එම අමුද්‍රව්‍ය වලින් සිමෙන්ති නිපදවා ඉන් පස්සේ වරාය සංවර්ධනය කරන්න ගතහොත් රටට හෝ වෙනත් කෙනෙකුට පාඩුවක් වෙයිද කියලා නොතේරුම්කමට අහන්නේ...!