
(එම්.සුසිල් පියන්ත)
නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම ප්රමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමක් යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා සිය නිවෙස ඉදිරිපිට දැන්වීම් එල්ල සිය විරෝධය එල්ල කළේය.
මහජන ඡන්දයෙන් තේරි පත්වූ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් සිදුකරන පාලනය පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි එම දැන්වීම්වලින් ප්රදර්හනය කෙරේ.
අම්බලන්ගොඩ- බටපොළ මාර්ගයේ යන එන අය බල බලා යනු දක්නට ලැබූ අතර ඒ අතරින් බොහෝදෙනා මහින්ද දේශපිය මහතා කළ මේ කියාවට ස්තූති කරමින් ජයගෝසා නගමින් සිය සහාය පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමසාරිස්තුමා වගේම හිටපු කොමිසමේ සභාපතිතුමා අලවා තියෙන බැනරයේ ඔහුගේ නොදැනුවත්කමක් ප්රදර්ශනය කරල තියෙනවා. කොහොමද කිව්වොත් ලංකාවේ පළාත් පාලන ආයතන වර්ගය තුනක් තියෙනවා ප්රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා කියලා. ඉතින් ඒවා එකක් හැටියට ගත්තාම පළාත් පාලන ආයතන කියලා කියන්න පුළුවන් එක් වර්ගයක් අතහැර බැනරය ලියවීමෙන් තමයි නොදන්නා කම පෙන්වා තියෙන්නේ. දිගුකලක් මැතිවරණ මෙහෙයවා විශ්රාම ගත්තාට පස්සේ මැතිවරණ නැතුවම කහනවා වගේ ගතියක් ඇති කියලා හිතෙනවා
මෙයාට විකාර...
හිටපු මැකො මහත්තයෝ දැන් අපට ඕනෑ ඔය පළාත් පාලන ඡන්ද නොවෙයි, බදු අඩු කරන ජීවන වියදම් අඩුකරන ක්රමයක්. ඒක කරන්න මොනවා හරි යොජනා කරන්න. ජීවන වියදම් ප්රශ්නය නහයට උඩින් ගිහින් තියෙන්නේ.
රටට ඉන්න ඕනේ මේ වගේ මිනිස්සු. දේශපාලකයන්ට කඩේ ගිහින් ප්රතිලාභ ගන්න හොරු නොවේ...
මෙයාගේ සමහර කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .. ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම තියෙද්දී නාම යෝජනා බාර ගත්තා.