
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ජනතාව ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
.ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මෝදර, රන්දිය උයන මහල් නිවාස ලබාදීමේ ජාතික උත්සවයට සහභාගී වෙමිනි.
2010 වසරේ කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් මෙම රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතා අයිතියට පවරාදීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .
"වසර දහයකට වඩා කාලයක් කජිමාවත්තේ ජනතාව ජීවත් වී තිබෙන්නේ අපායක් වැනි ස්ථානයකයි. එහි ජීවත් වුනේ කොහොමද යන්නත් හිතාගත නොහැකියි. එවැනි පසුබිමක මෙම මහල් නිවාස කඩිනමින් ජනතාවට ලබාදීමට හැකි වීම පිළිබඳ සතුටු වෙනවා" යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට නම් දැන් තනිවම හිටගන්නවත් හයියක් නැහැ.
මහ බැන්කු බැඳුම්කර හොරාකාපු අය, කොහොමද දන්නේ නැහැ ඔය කියන දේවල් කරන්ඩ හිතාගෙන ඉන්නේ?
මී හරක් ඉන්න රටක ගොන්නු රජවෙනවා.
පාර්ලිමේන්තුවට ආව දවසේ ඉදන් මේ සියා ඕකම නේද කියුවේ ,දැන් රාජපක්ෂ්ලාත් එක්ක එකතුවෙලා රට නැට්ටටම බංකොලොත් කරාට පස්සෙත් එකම කියනවා
මෙයා හැමදාම එහෙම කරනවා මෙහම කරනවා කිය කියා ඉන්නවා මිස කරපු දෙයක් නැහැ. මහ බැංකු බැදුම්කරුත් එතන.
මේ මනුස්සයා ගෝඨාභයට අන්තයි. සුරංගනා කතා කිය කිය ලෝකය වටේ සවාරි ගහනවා. දොන් කියනවා වගේ මී හරක් ඉන්න රටක ගොන්නු රජවෙනවා.
රට විනාස කල කාලකන්නි දේශපාලන කුණු බල්ලෝ...
මෙයා මුලින්ම ඇමැති වුනේ 1977. පස් වතාවක් අගමැති අවුරුදු හතලිස් ගාණක් පාර්ලිමේන්තුවේ... තාම රට හදන්න කතාකරනවා. දැන් රැවටුණා ඇති...