IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රීපාදය නැග වාර්තාවක් තබයි

 

(රංජිත් රාජපක්ෂ)

පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා අද පස්වරුවේ සමත්විය.

සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ (08) දින පස්වරු 3 ට නල්ලතන්නිය ශ්‍රි පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කළ ප්‍රින්ස්ලි ලියනගේ මහතා පැය 1 විනාඩි 20 ක් තුළ ශ්‍රි පාද උඩ මළුව වෙත ගමන් කර එතැන් සිට දෙවනුව ශ්‍රි පාද එරත්න මාර්ගය ඔස්සේ අඩවි කන්දට බැස නැවත එම මාර්ගයේම ශ්‍රි පාද උඩ මළුවට ළගා විය.

තෙවනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රි පාද පලාබද්දල මාර්ගය ඔස්සේ පහලට බැස එම මාර්ගයෙන්ම යලිත් ශ්‍රි පාද උඩ මළුව වෙත ළගා වි සිව්වනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රි පාද මාලින්බොඩ මාර්ගය මාලින්බොඩ දක්වා බැස එතැන් සිට එම මාර්ගයෙන්ම ශ්‍රි පාද උඩ මළුව වෙත (09) දින පස්වරු 1.15 පමණ ශ්‍රි පාද උඩ මළුව වෙත ළගා වි ශ්‍රි පාද උඩ මළුවේ සිට යලිත් නල්ලතන්නිය දක්වා පැය 1 විනාඩි 40 ක් තුල නල්ලතන්නිය වෙත පැමිණ සිය වාර්තාව පිහිටුවිමට සමත්විය.

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සෙරන්ඩිප් ගිනස් වාර්තාව පිහිටුවිමට අපෙක්ෂා කළ කාලයට වඩා විනාඩි 14 ක් කලින් කිලෝමිටර් 88.8 ක් දුර පාගමනින් ගොස් සිය වාර්තාව පිහිටුවිමට සමත් විය.

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සෙරන්ඩිප් ගිනස් වාර්තාව පිහිටුවිමේ පාගමනට ශ්‍රි ලංකා නාවික හමුවේ නිලධාරින් රැසක් සහ ඔහුගේ බිරිද ඇතුළු පවුලේ සමාජිකයන්ගේ සහය ලැබි තිබුණි.

සෙරන්ඩිප් ගිනස් වාර්තාව සාර්ථක ලෙස පිහිටුවිමට සමත් වු රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා (09) දින පස්වරුවේ ඔහුට සහය දැක් වු සියළු පාර්ශවයන් සමග යලිත් ශ්‍රි පාද මළුව වෙත ගොස් ආශිර්වාද පුජාවන් ගණනාවකට සහභාගි විමට නියමිතය.

සෙරන්ඩිප් ලෝක වාර්තා සංවිධානයේ මෙරට සමාජික වෛද්‍ය ලාල් ඒකනායක මහතා කියා සිටියේ රියර් අද්මිරාල් ප්‍රියන්ස්ලි ලියනගේ මහතා මාර්ග හතරක් ඔස්සේ පැය 23 විනාඩි 46 ක් තුල ශ්‍රි පාදස්ථානය පාගමනින් ගොස් කරුණා කිරිමට සමත්විම සම්බන්ධයෙන් ගිනස් වාර්තා සංවිධානයට (09) දින පස්වරුවේ දැනුම් දුන් බවත්, ඒ අනුව සති දෙකක් ඇතුලත ගිනස් වාර්තා සංවිධානය විසින් අදාල වාර්තාව නිකුත් කිරිමට නියමිත බවයි.

සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට ප්‍රධාන විනිසුරු සනත් බණ්ඩාර මහතා කියා සිටියේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා පැය 24 ක් තුල කිලෝමිටර් 88.8 පාගමනින් ගොස් තැබු වාර්තාවක් ලෙස ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බවයි.

 



අදහස් (4)

ශ්‍රීපාදය නැග වාර්තාවක් තබයි

උපාසක Tuesday, 09 April 2024 06:56 PM

තිසරණ සරණින් එතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!

:       0       6

යසසිරි Wednesday, 10 April 2024 05:18 AM

එතකොට ශ්‍රීපාද වන්දනා සමයේ (මාස හයක් පමණ ) දිනපතා සිරිපා මලුවේ තැපැල් පෙට්ටියේ ලියුම් ගන්න යනවා කියන තැපැල් පියුං උන්නැහේ ගැන මොකද කියන්නෙ

:       5       13

සුපුන් Wednesday, 10 April 2024 09:01 AM

තෙරුවන් සරණයි තවත් මෙවැනි වාර්තා පිහිටුවන්න ශක්තිය ඔබට ලැබේවා

:       0       13

Chandana Wednesday, 10 April 2024 10:57 AM

ඔබගේ කැපවීම සහ චිත්ත ධෛර්යය ගැන අපි ආබම්බරයි ලාංකිකයික් වෙනුවෙන්, ඔබට මීටත් වඩා ජයගන්න ආශිර්වාදයක්ම වේවා...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site