(ගයාන් සූරියආරච්චි )
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ඝාතනය කිරීම සදහා සඟවා තිබූ T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක් සමග පුද්ගලයින් තිදෙනෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මරදාන පොලිස් වසමේ ලොක්ගෙට්ලේන් ප්‍රදේශයේ ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථානය පිටුපස නිවසක් අසල දී ඊයේ (10) සිදුකළ වැටලීමකදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
එහි දී ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථානය පිටුපස නිවසක වහලයේ පිටුපස කොටසේ ගමන්මල්ලක බහා තිබියදී මෙම ආයුධ සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත්කො සැකකරුවන්ළ තිදෙනා කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18, 34, 47 ක් වන පුද්ගලයින් තිදෙනෙකු බව විශේෂ කාර්ය බළකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd