(ඉන්දිකා රාමනායක)
මෙරට පැදීම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයේ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක් මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව පූගොඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී සඳහා යොදවා සිටි බව ද පොලිසිය සඳහන් කරයි.
මුල්ලේරියාවේ පොලිස් කණ්ඩායමක් පෙරේදා (9) විශේෂ රාජකාරියක යෙදී සිටියදී ලද තොරතුරකට අනුව සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී ඉහත යතුරු පැදියේ කොටස් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය වන අවස්ථාවේදී මෝටර් රථයේ සැකකරුවන් තිදෙනකු ගමන් කර ඇති අතර ඉන් එක් සැකකරුවකු මෙම පොලිස් කොස්තාපල්වරයා බවට අනාවරණය කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd