
(ටී.කේ.ජී.කපිල)
ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවැති යුරෝපියානු ජී.ටී. 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා අද 10 වැනිදා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම තරගය ඉකුත් 05, 06 සහ 07 යන දිනවල ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ආසියාවම නියෝජනය කරමින් ඩිලන්ත මාලගමුව එම තරගයට සහභාගී විය.
ඩිලන්ත මාලගමුව මහතා අද උදෑසන 8.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔහු පිළිගැනීම සදහා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සහ ඩිලන්ත මාලගමුව මහතාගේ මිතුරෝ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ශ්‍රී ලංකාවට මහත් වූ ආඩම්බරයකි. ඔබට ජයෙන් ජයම පතමි...
එරික් යනු මාධ්‍ය මගින් පුම්බපු කෙනෙක් පමණයි.
සුබ පතනවා ඔබට
නිහතමානී විශිෂ්ටයා..! හදපිරි සුබපැතුම් ..!❤️
අනිවාර්යෙන් එයා දිනනවා අපි දන්නවා ඉහලින්ම ඔහුට සුබ පැතුම් ලැබිය යුතුයි