
(ආරියරත්න රණබාහු )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙමින් තිබෙන අතර පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමේ සටන අත් නොහරින බව දෙපාර්ශ්වයම සඳහන් කරයි.
අවුරුදු නිවාඩුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය විවෘත කර එහි බලය අත්පත් කර ගනිමින් පක්ෂය ගොඩනගන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහය දක්වන ඇමති නිමල් සිරිපාද සිල්වා මහතාගේ කණ්ඩායම සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව කඩිනමින් වෙනස් කර නායක නමින් නව තනතුරක් ස්ථාපනය කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවදුරටත් එහි සභාපතිත්වය දැරීමට ඉඩ නොදෙන බවද ඔවුහු කීහ.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රී පාලන සිරිසෙන් මහතාගේ කණ්ඩායම සඳහන් කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහාය දක්වන කණ්ඩායමට පක්ෂයේ බලයක් නොමැති බවය .
නිමල් සිරිපාල සිල්වා මහතා වැඩ බලන සභාපතිකමෙන් ඉවත් කරන කරන බවද ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද එම කණ්ඩායම කියයි
මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට බෙදී ඇති කණ්ඩායම් අර්බුදය අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව නැවත කරලියට පැමිණෙන බව කණ්ඩායම දෙකේම අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට ඔහොම වෙලා මදි. ශ්‍ර්‍රි ලංකා නිදහස් පක්ෂය බංග වේවා
පක්ෂයක් නිසි පරිදි මෙහෙයවන්න නොදන්න මේ බොරු උදවිය කෙලෙස රටක් පාලනය කරන්නේ?