(ජේ.ඉඳුරුවගේ)

ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාර අසල ස්ටිකර් වෙළඳසලක් තුළ ලේ ගලන  තුවාල  සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද (11) උදේ  සොයාගත් බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ එම වෙළඳසලෙහි අයිතිකරුගේ බිරිඳ වන දුවගොඩ විතානගේ යමුනා නිරෝශිනි නැමති 41 හැවිරිදි කාන්තාවකි.

ඇය   සිය ස්වාමිපුරුෂයා සමග  මෙම වෙළඳසලේ ජීවත්ව සිටි.