(ගයාන් සූරියආරච්චි)
ගුවන් හමුදාවට අනුයුක්තව සේවය කරන 35,000 ක ගුවන් භට පිරිස 2030 වන විට 18,000 කට පමණ අඩුකිරීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද (10) පැවැසීය.
අඩු කරනු ලබන ගුවන් භට පිරිස් වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන බව ද ගුවන් හමුදාපතිවරයා පැවැසීය.
ගුවන් හමුදාපතිවරයා ඒ බව පැවැසූවේ ඊයේ (10) අකුරගොඩ ගුවන් හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා මෙසේ ද පැවැසීය.
අපි දැනටමත් ගුවන් භට පිරිස් අවම කිරීමේ කාර්ය සිදුකරන අතර ඊට සමාගාමීව නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීම සදහා විශේෂ අධ්‍යයනවල නියැලෙනවා. තාක්ෂණය කාලයෙන් කාලයට වෙනස්වන විට එහි ඇති මිල ගණන් ද අඩුවෙනවා.
සී.සී.ටී.වී යනු අපට අලුත් දෙයක් නෙවෙයි. එවැනි තාක්ෂණයක් යොදාගෙන අපට ගුවන් භට පිරිස් යම්තාක් දුරට අඩු කිරීමට හැකියාව තියෙනවා. උදාහරණයක් ලෙස කිලෝමීටර් ගණනක් දුරට ආරක්ෂාව ලබාදීම සදහා විශාල භට පිරිසක් යෙදවීමට අපට සිදුවෙනවා. එහෙත් අපි අධි තාක්ෂණික කැමරා තාක්ෂණය යොදාගත හොත් අපට එම භට පිරිස් සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකියාව තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට මොන ගුවන් හමුදාද? ඉන්දියාවට කියන්න ඉඩම බලාගන්න කියලා. හදිස්සියකට ලෙඩෙක් එහාට මෙහාට ගෙනියන්න, හදිසි ආපදාවකදී කෑම ටික, සහනාධාර ටිකක් බෙදන්න... හෙළි කොප්ටරයක් තිබුණාම හොඳටම ඇති. තව ඕනෑ නම් කරානම් පොඩි ප්ලේන් එකකුත් තිබුණාවේ...
2030 වෙනකම් බලාගෙන ඉන්න එපා ඉතා ඉක්මනින්ම වැඩේ කරන්න. ඔබ දන්නෙ නෑ ,ගුවන් හමුදාපති තුමනි කිසිම වැඩකට නැති අංශ තියෙනවා, ගුවන් හමුදාව තුළ කිසිම වැඩකට නැති පාඨමාලා සිදුකරනවා. ඒවා හොයලා බලන්න .ආරක්ෂක විදුලි පහන් දැල්වීම රෑට පමණක් කරන්න.
එතකොට ගුවන් හමුදාවේ බට පිරිස අඩුවෙන විට ගුවන්පති කමට මොකද වෙන්නෙ. තරු අඩුවෙන්න ඕන.
තාක්ෂණය...
හොඳ අදහසක්
කාලෝචිත ක්‍රියාවක්. නවීන ලෝකයේ, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අත්‍යාවශ්‍ය දෙයක්වේ. මේ නුවන අනෙක් රාජ්‍ය ආයතන වලටද ක්‍රියාත්මක කර, රාජ්‍ය සේවක සංඛ්‍යාව විශාල ලෙස අඩුකළ හැකි නම්, රාජ්‍ය ආදායමෙන් විශාල මුදලක් ඉතිරි කරගනු හැකිවනු ඇත. එවිට බදු මුදල් සංවර්දන වැඩවලට, යොදාගත හැකිවේ.
ගුවන් හමුදාවේ සේවයකල පුද්ගලයෙක් වශයෙන් හා ගුවන් හමුදා සේවය පිලිබද අවබෝධයක් සහිත පුද්ගලයෙක් වශයෙන් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ගුවන් හමුදාපතිවරයා කුමක් පැවසුවද වඩාත් ගුණාත්මක සහ එලදායි සේවයක් ඉටුකිරිම සදහා දැනට සිටින පිරිසද පුමානවත් නොවන පසුබිමක අඩකින් භටපිරිස් අඩුතිරිම මගින් ගුවන් හමුදාවේ තත්ත්වය පහල වැටෙනු නියතය ගුවන් භටයින්ට නිසියාකාරව කෑමටිකවත් ලබාදිමට නොහැකි පසුබිමක අධිතාකෂණික උපකරණ සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා පවසන හිතලු හුදුු යථාර්ථයක් නොවන්නකි