
(යොහාන් භාසුර)
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අනුර කුමාර දිසානායක මහතා පළමු වරට පසුගිය ජනවාරි මස 9 වැනිදා රූපවාහිනී වැඩසටහනකදී රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට සූදානම් බව පැවසූ බවත් මේ වන විට එම විවාදය පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ජයතිස්ස මහතා කියයි.
රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් බවත් යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් සහ එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් සමග විවාදයක් පැවැත්වීමට සූදානම් බවත් ඒ මහතා කියයි.
විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අසත්‍ය තොරතුරුවලින් නොමඟ නොයන ලෙසත් සත්‍ය තත්වය නිවැරදිව තේරුම් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
හිතුවේ නෑ නේද සජී අභියෝගය භාර ගනීවි කියලා. ලැජ්ජයි... මහ ලොකු ඩිග්‍රි කාරයෝ නේද ලොක්කො ටික? නොදකින් විතරක්. මහා ලොකුවට ජනාධිපති වෙලත් ඉවරයි සමාජ මාධ්‍යයේ නම්...
කවුරු මුලින්ම අභියෝගය කළත් ඔයාලා බයයි නේද විවාදෙට...? කයිවාරු ගැහුවාට ඔයාලාගේ හැමදේම ඔහොම තමයි කියලා අපි දන්නවා නලින්...!
සජිත් ඕනෑම වෙලේක විවාදයට එන්න සූදානම් කියලා ප්‍රසිද්ධියේ කියලා තියෙන නිසා. දැන් තියෙන්නේ අනුර මුලින් කිව්වා නම් ඒ විවාදේට දිනයක් දීලා එන එකනේ... ඕක කියව කියවා ඉඳලා කාලේ නාස්ති නොකර...
අවසාන තීරණය ගන්නේ විධායක ජනාධිපති නම් විවාදය තියෙන්න ඕනේ ජනාධිපති අපේක්ෂකයන් අතර නේද?
දැන් නම් මේ කයියනායක ජනපති සහ වෙන්න ජනපති පුතාණෝ සහ ඒ දෙන්නාගේම ගෝලයෝ අතරත් ලොකු වෙනසක් නෑ වගේ. දැන් මේ විවාදේ තමා දැවෙන ප්‍රශ්නය රටේ. ඕක කෙරෙන විවාදයකුත් නොවේ. දෙගොල්ලෝ පම්පෝරි ඔස්තාර්ලා කියලා රට්ටු දන්නවා. ඒ නිසා තාම බහුතරයක් මිනිස්සු තමන්ගේ ඡන්දය දෙන කෙනා තීරණය කර නැත්තේ.
විවාදයක් ගැන විවාද කිරිමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔබතුමා ජනතාවගේ බදු මුදලින් වෛද්‍යවරයකු වෙච්ච කෙනෙක්. කාලය නාස්ති නොකර වෛද්‍ය වෘත්තීය කිරීම රටට ඉතා වැදගත්ය.
මේ නාට්‍යයත් අපේ රටේ රියලිටි,ප්‍රවෘත්ති වැඩසටහන් වගේ.අපි තමයි එක.හොඳම අපි...අපි මුලින් කරා වගේ...ඔක්කෝම තරු අපි හොරු... කතන්දර වැඩක් නෑ...හැමෝගෙම අදහස් වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා අපි ඉදිරි වසර 3 ඇතුළත මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි උනොත් ඉල්ලා අස්වෙනවා දෙයක් අනිවාර්ය කරන්න ඕනේ....වසර 77 එක සෙට් එකක් කාපු එකේ මේ අයටත් කන්න දෙමු වගේ හිත නිවන කතා දැන් වත් අපි නැවැත්විය යුතු ය
ඔව් මට පේනවා ඉස්සෙල්ලාම විවාදයක් තියන්න වෙනවා කවුද මුලින්ම අභියෝග කලේ කියලා හොයාගන්න.
කියුබාව දෙස බලන්න … සහෝදරයා කියුබාව දෙස බලන්න … නෑ නෑ කේරලය දෙස බලන්න මේ ගොල්ලන්ට ලෝක ආර්ථිකය ගැනවත් කියුබාව ගැනවත් කිසිම අදහසක් නැහැ … ජෝකර්ලා කියුබාව 1990 ගණන්වල සිට දරුණුතම ආර්ථික තත්වයන්ට මුහුණ දී ඇති අතර, මාස 12 ක් තුළ 224000 දෙනෙකුට පිටව යාමට … කියුබාව දෙස බලන්න … සහෝදරයා කියුබාව දෙස බලන්න … අපිට කියුබාව එපා යකෝ !!!
අපට අවශ්‍ය විවාදය, අනවශ්‍ය දෑ අපි බලාගන්නම්...! පිළිගත හැකි වැඩ පිළිවෙළක්...!