
(අංජුල මහික වීරරත්න)
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කාරයින්ගෙන් තවත් ලොකු කෙනෙක්ට වැදගැම්මකට නැති සීට්ටුවක්...
බලාගෙන ගියාම අපේ රටේ නායකයෝ සංස්කෘතිය කියල හඳුනාගෙන තියෙන්නේ, මිත්‍යා දෘෂ්ටිය නේ ... හැබැයි මේ පුහු දේවල් ඉහලින්ම පිළිපදින අය හිතාගෙන ඉන්නවා ඔවුන් බුද්ධිමතුන්, අනෙක් අය මිත්‍යා දෘෂ්ටිකයින් කියලා... එක අතකට මෙහෙම ජනතාවක් හා පාලකයින් සිටින රටක් මේ විදිහට වත් ඉතුරුවෙලා තියන එකත් ලොකු දෙයක්...
අපි අවුරුදු පටන්ගන්නේ උදේ නැකතට. උදේ නැකත රටේ පාලකයාට මාරකයි ලු . උදේ නැකතගමු
හිතවත්, ඒ වගේම ඉතාමත් නිහතමානි ඩිලන්තට මගෙනුත් සුබපැතුම් !!! ෆොටෝ එකේ ඉන්න අපේ ගමේ අලුත් SSP එරික් පෙරේරා මහත්මයාටත් සුබපැතුම් නව පත්වීමට. අපි කුඩාකළ තිබුණ වාසනාවන්ත මීගමුව නැවතත් අපිට ලබාදෙන්න එතුමාට දිරිය, ශක්තිය ලැබේවා...!
පින් ජනපතියා නැකතට වැඩ අල්ලන හැටි බලාගන්න බැරියැ. අන්තිමට නැකැත් පත...?
රාළහාමි හා චන්දානි කියනවා උදේ නැකත රටේ පාලකයාට මාරක නිසා උදේ නැකත ගන්නවා කියලා එහෙම කළාම අනුන්ට කළදේ තමන්ට ඵලදෙන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒත් එහෙම කරන්න ගියාම 13 දින සවස 2.41ට පෙර ආහාර අනුභව කළා නම් ඊළඟ ආහාරවේල ගන්න වෙන්නේ හරියටම පැය 16 කුත් විනාඩි 39 කට පස්සේ තමයි... එතරම් වෙලාවක් කෙනෙකුගෙන් පළිගැනීමට අඩුම තරමින් වතුරවත් නැතුව අසනීපයක් හදා නොගෙන ඉන්න පුළුවන් නම් හොඳයි.. එහෙම කියලා රසකැවිලි කකා ටී හෝ ප්ලේන්ටි බොන්න අයිතියක් නැහැ. එහෙම කියලා කුඩා දරුවන්ට එතරම් වෙලාවක් කුසගින්නේ ඉන්න පුළුවන් වෙයිද? සීතල රාත්‍රියේ නැකතට අනුභව කරන්න කියලා මතක් කරනවා...
අවුරුදු නැකත ජනාධිපතිතුමාට භාද දුන්නා මෙතෙක් කලක් නම් එතුමා අවුරුදු චාරිත්‍ර කරනවා දැකලම නැහැ. ඒත් මෙවර අවුරුදු දවසේ වත් රූපවාහිනී පුවත් මගින් එතුමා අවුරුදු චාරිත්‍ර කරන ආකාරය බලමු