(ගයාන් සූරිය ආරච්චි)

යම් අපරාධයකට සූදානමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මිනීමැරීමට තැත් කළ බව කියන තවත් පුද්ගලයෙකු ඇතුළු දෙදෙනෙකු මන්නාරම කරිසල් ප්‍රදේශයේදී   අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එහි දී යම් කිසි අපාරාධයකට සුදානම්ව කඩුවක්, පිහි 03 ක් සමග අයිස් මත් ද්‍ර‍ව්‍ය මිලි ග්‍රෑම් 500 සන්තකයේ තබාගෙන සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක්  අත්අඩංගුවට ගනු ලැබීය.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදි රාජකාරියට බාධා කරමින් මිනී මැරීමට තැත් කල බව කියන  පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක පුද්ගලයකුද පිහියක් සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.