(ප්‍රියන්ත දසනායක)

අකුරැස්ස ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගල්ලල මංසන්ධිය අසලදී වෙඩි තබා නතර කළ ගවයින් රැගෙන යමින්  සිටි ලොරි රථයේ පිටුපස සිටි අයෙක්ද  වෙඩි වැදිමෙන් තුවාල ලබා  රෝහල් ගත කළ බව කනංකේ පොලීසිය කියයි.

රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් අළුයම හතරට පමණ කනංකේ රජමහා විහාරස්ථානය අසලදී ගවයින් ලොරි රථයට පටවමින් සිටිණු දැක ඇති අතර පොලීසිය දුටු වහාම ලොරි රථය වේගයෙන් අකුරැස්ස දෙසට ධාවනය කොට ඇති බවත් වහාම නතර කරන්නැයි පොලීසිය අණ කර තිබෙන බවද පොලීසිය කියයි.

පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයට පොලීසිය දිගින් දිගටම වෙඩි තබමින් එම ලොරි රථය පසුපස හබා ගොස් තිබේ.

ටයර් වලට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරය නිසා ගල්ලල මංසන්ධිය අසලදී රෝදවල හුළං නොමැතිව ඉදිරියට ධාවනය කිරීමට නොහැකිව දැඩි අන්දකාරයේ නතර වී තිබෙන අතර දෙදෙනකු පැනගොස් තිබෙන බවත් පොලීසිය පවසති.

 එසේ නතරවූ  ලොරි රථය පරික්ෂා කිරීමේදී පිටුපස සිටි ජාවාරම්කරුවකුට දකුණු පාදයේ දණහිසට වෙඩි වැදී තිබී සොයාගෙන අත්අඩංගුවට ගෙන ඉමදුව රෝහලටත් පසුව ඔහු කරාපිටිය රෝහළට වැඩිදුර ප්‍රතිකාර සදහා යොමුකර ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.