(බී.ජි චතුරංග)
මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් අත් පිටු පසට කර බැඳ දමා පහර දෙන ලදැයි කියන සිද්ධියකින් බරපතළ තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ශරීරයේ කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙසේ තුවාල ලබා සිටින්නේ මැදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ දිලීෂ සංගීත් නමැති තරුණයෙකි.
මෙම තරුණයාගේ පියා ද පොලිස් සැරයන්වරයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසියෙ රථ වාහන අංශයේ නිලධාරීහු දෙදෙනෙක් වෙනත් පොලිසිවලට මාරු කර යවනු ලැබ සිටිති.
මෙම පහරදීම සිදු වී ඇත්තේ ඉකුත් 7 වැනිදාය.
තරුණයා ලොරියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති පොලිසි නිලධාරීන් දෙදෙනකු ලොරිය මඟ හරස් කර නතර කරවාගෙන තමාටත් තමාගේ යහළුවකුටත් අත පය ගැට ගසා වාහනයකට දමා පහර දුන් බවට ඔහුගේ මව මේ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තාත්තා පොලිසියේ කෙනෙක් විදියට අසරණයින්ට ඔහොම නිරපරාදේ දඬුවම් දෙන්න ඇති. එය ඔහු ඇස් ඉදිරිපිටම ඔහුට පළදුන්නා. ඔහුගේ දරුවා විඳින වේදනාව අනිත් අසරණ අයටත් පොදුයි කියලා තේරුම් කරගන්න. නීතිය කියලා අසරණ අයට ගහලා වද දෙන එක දැන්වත් නතර කරන්න...
තාත්තා කරපු පව් පුතාට ඵලදීලාද?
මාර දඬුවමක්නේ දීලා තියෙන්නේ...!