IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් පහරින් සාජන් පුතාගේ ශරීරයේ කොටසක් ඉවත් කරලා

(බී.ජි චතුරංග)

මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් අත් පිටු පසට කර බැඳ දමා පහර දෙන ලදැයි කියන සිද්ධියකින් බරපතළ තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ශරීරයේ කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙසේ තුවාල ලබා සිටින්නේ මැදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ දිලීෂ සංගීත් නමැති තරුණයෙකි.

මෙම තරුණයාගේ පියා ද පොලිස් සැරයන්වරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසියෙ රථ වාහන අංශයේ නිලධාරීහු දෙදෙනෙක් වෙනත් පොලිසිවලට මාරු කර යවනු ලැබ සිටිති.

මෙම පහරදීම සිදු වී ඇත්තේ ඉකුත් 7 වැනිදාය.

තරුණයා ලොරියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති පොලිසි නිලධාරීන් දෙදෙනකු ලොරිය මඟ හරස් කර නතර කරවාගෙන තමාටත් තමාගේ යහළුවකුටත් අත පය ගැට ගසා වාහනයකට දමා පහර දුන් බවට ඔහුගේ මව මේ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

 



අදහස් (3)

පොලිස් පහරින් සාජන් පුතාගේ ශරීරයේ කොටසක් ඉවත් කරලා

ඉන්දික Wednesday, 10 April 2024 09:16 PM

ඒ තාත්තා පොලිසියේ කෙනෙක් විදියට අසරණයින්ට ඔහොම නිරපරාදේ දඬුවම් දෙන්න ඇති. එය ඔහු ඇස් ඉදිරිපිටම ඔහුට පළදුන්නා. ඔහුගේ දරුවා විඳින වේදනාව අනිත් අසරණ අයටත් පොදුයි කියලා තේරුම් කරගන්න. නීතිය කියලා අසරණ අයට ගහලා වද දෙන එක දැන්වත් නතර කරන්න...

:       0       0

Lalla Wednesday, 10 April 2024 10:20 PM

තාත්තා කරපු පව් පුතාට ඵලදීලාද?

:       0       0

රංගේ Wednesday, 10 April 2024 11:19 PM

මාර දඬුවමක්නේ දීලා තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site