අදත් විටින් විට තැනින් තැනට වැසි දකුණු පළාතෙත් කළුතර දිස්ත්‍රික්කයටත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවන නිවේදනය කරයි. 15 September 2023
97 අත්තම්මා පශ්චාත් උපාධිය ගනී කැලණිය විශ්ව විද්‍යාලයේ පාළි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මගින් මෙවර පැවැත් වූ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට වයස අවුරුදු අනූහතක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව සමත්ව ඇත. 14 September 2023
දිසා තුනකට නාය යෑම් අනතුරු දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් පහකට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14 වනදා ) සවස නිකුත් කරනු ලැබ තිබේ. 14 September 2023
කැලණිය ප්‍රා සභාවට වාරණයක් කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස ඇති වෙළඳසැල් කඩා ඉවත් කිීරීමෙන් කැලණීය ප්‍රාදේශීය සභාව වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද නිකුත් කළේය. 14 September 2023
රාජිතට රට යන්න අවසර ජනාධිපතිවරණ ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවට අදාළව රාජිත සේනාරත්න මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (14) නියම කළේය. 14 September 2023
ලිබියාවේ ගංවතුරෙන් මියගිය ගණන 20,000 ක් නැගෙනහිර ලිබියාවේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 20000 ක් දක්වා වැඩි වීමට ඉඩ තිබෙන බව ඩර්නා නගරයේ නගරාධිපති අබ්දුල් මෙනම් අල් ගයිති අරාබි පුවත් සේවයකට ප්‍රකාශ කර ඇත. 14 September 2023
රාජ්‍ය සම්මානලාභියෝ විශිෂ්ට සාහිත්‍ය නිර් මාණ පෝෂණය කළ සාහිත්‍යධරයන් රාජ්‍ය සම්මානයෙන් පිදීමට ලක්කෙරෙන 65 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය මරදාන එල්ෆිනිස්ටන් රගහලේදි අද (14) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 14 September 2023
දඹුල්ලේ දී වැසිකිලියට යන්න කොමඩු කිලෝ පහක් විකුණන්න වෙලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇති වැසිකිළියට යන්න තමන්ට කොමඩු කිලෝ පහක් අලෙවි කිරීමට සිදුව ඇතැයි මහදිවුල්වැව, බැඳිවැව ප්‍රදේශවල කොමඩු ගොවීහු පවසති. 14 September 2023
මන්ද පෝෂණ රකුසා දරුවන් 15000කට දත් විලිස්සයි මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි. 14 September 2023
බිත්තර,කුකුළු මස් ආපහු වැඩි වෙන්නේ නෑ බිත්තර සහ කුකුළු මස් මිල යළිත් ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 14 September 2023
හරක් කටා එස්.අයිගේ පිස්තෝලය උදුරාගන්න සී.සී.ටී.වී සටහන් නෑ නදුන් චින්තක හෙවත් හරක් කටා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධතියේ සටහන් වී නොමැති බව එම ආරංචි මාර්ග පවසයි. 14 September 2023
අයි.එම්.එෆ් සමාලෝචන සාකච්ඡා ඇරැඹෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 14 September 2023
කසිප්පු වැටලීමට ගිය කොස්තාපල් අතුරුදන් කිලිනොච්චිය , මලයාලපුරම්, පුදුඅයියන්කුලම ඇළ ආසන්නයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයකු අද(14) සවස අතුරුදහන්ව ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 14 September 2023
තුන් බියකින් අක්කර හැටපන්දාහක් විනාසයි නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය නිසා මේ වන විට අක්කර 65,871.32ක් වගා හානි සිදුව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 14 September 2023
රැඳවියන්933 කට ජනපති සමාව විසිපස්වැනි ජාතික සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 933 කට සමාව පිරිනැමීමට රජය තීරණය කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය. 14 September 2023
තරුණියකට ලිංගික අතවර කළ අයි.පී. ට වැඩවරදී බස් රථයක දි තරුණියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දී පොලිසියට භාරදීමට තරුණියගේ පියා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළ බව යටියන්තොට පොලිසිය කියයි. 14 September 2023
නිරන්ජලා සරෝජනී අනතුරක ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මිය උඩහමුල්ල ඇඹුල්දෙණියේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි මිරිහාන පොලීසිය පවසයි. 14 September 2023
ගාලු මෝදරට මළසිරුරක් ගොඩ ගසයි කොළඹ ගාලුමෝදර ට පිරිමි මළසිරුරක් ගොඩ ගසා ඇතැයි කොටුව පොලිසිය කියයි. 14 September 2023
විශ්‍රාම ගිය වෛද්‍යවරු 500ක් කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට වයස 63න් පසු විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 500කට ආසන්න පිරිසක් ඔවුන්ගේ කැමැත්ත මත කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 14 September 2023
ශ්‍රී ලාංකිකයන්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්රයන් විවෘත කිරීමට සහ කොරියානු රැකියා ප්‍රමාණය ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගැනීමට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍ය ලී යුංග් සීක් මහතා එකඟතාව පළකළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 14 September 2023
බරපතල අකටයුතු දෙකකට 2025ට පෙර වැට ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව 2025ට පෙර ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත. 14 September 2023
අයි.එම්.එෆ් ගැන නවතම වාර්තාව එළියට අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ඉටුකළ යුතු කැපවීම් 57 න් ඉටුකර ඇත්තේ 38 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 14 September 2023
පළමු ගල්අඟුරු නෞකාව එයි නොරොච්චෝල ගල්අගුරු බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා 2023-24 වාරයට අවශ්‍ය ගල්අගුරු ආනයනය ආරම්භ කරමින් පළමු ගල් අඟුරු තොගය ගොඩබෑම අද (14) ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 14 September 2023
ඉංග්‍රීසි ගුරාගේ වැඩ තහනම් කුරුණෑගල නගරයේ ප්‍ර සිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඒ පිළිබඳව අවධානය යොමු කළ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සැකකාර ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. 14 September 2023
සමනළවැවේ කාන්දු වහන්න කෝටි 10ක වියදමක් සමනළවැව ජලාශයේ ජල කාන්දු වැසීමට රුපියල් කෝටි 10 ක පමණ වියදමක් ඇස්තමේන්තු කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 September 2023
විදුලිබලය ප්‍රතිව්‍යුහගතකරණයට කැනඩාවෙන් තාක්ෂණික සහය ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතියට කැනඩා තාක්ෂණික සහය දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 14 September 2023
ඉංග්‍රීසි ගුරාට ඇප කුරුණෑගල නගරයේ ප්‍ර සිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද (14) නියෝග කළේය. 14 September 2023
මැතිසබයෙන් මුදල් කොමිසමට නියෝගයක් පළාත් සභා ක්‍රියාත්මක නොවන මෙම කාල සීමාවේදී එම සභාවලට දෙන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය. 14 September 2023
බැංකු පනත් දෙක මාස දෙකකට පසු බලාත්මක වේ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත එම පනත් සම්මතවී මාස දෙකකට පසු අද (14) සිට බලාත්මක විය. 14 September 2023
‘ලෝක කුසලානය’ ශ්‍රී ලංකාවේ සංචාරයක ඉන්දියාවේදී ලබන ඔක්තෝමබර් මස 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරයි. 14 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026