(ප්‍රදීප් කුමාර)
බහින්බස් වීමක් දුරදිග යාමෙන් යාපනයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් වාහන දෙකකට අද (15) අලුයම ගිනි තබා විනාශ කොට ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.
අවුරුදු දවසේ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් අදාල දෙපිරිස අතර මෙම ගැටුම අද අලුයම හට ගෙන තිබේ.
ගැටුමට සම්බන්ධ පිරිස් කුඩා ලොරි රථයකට හා ත්‍රිරෝද රථයකට ගිනි තබා ඇති අතර සිද්දියෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැත බවත් කෙසේ වෙතත් මෙම ගිනි තැබීම හේතුවෙන් අදාළ වාහන දෙකට දැඩි හානි සිදුව අති බවත් පොලිසිය පවසයි.
සිද්දිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ
රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක
හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව
ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු, දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.
කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්‍යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්‍යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් න
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අවුරුද්දේ ආරවුලෙන් වාහන දෙකක් ඇවිලෙයි