IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලෝක නායකයෝ ඉරාන මිසයිල ප්‍රහාරය හෙළා දකිති

ඉරානය සහ ඉරාකයේත් යේමනයේත් සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් පසුගිය 14 වැනිදා ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින් කළ ප්‍රහාරය හෙලා දැකීමට ලෝක නායකයන් කටයුතු කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් සහ යුරෝපා සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන රාජන්‍ තාන්ත්‍රිකයකු වන ජොසෙප් බොරෙල් පවසා ඇත්තේ ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය තමන් හෙලා දකින බවත් එය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවත්ය.

රුසියාව සහ චීනය ප්‍රහාරය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් පවසා ඇත්තේ හටගත් අර්බුදය තවත් දුරදිග යෑමට ඉඩ නොතැබීමට සියලු පාර්ශ්ව වගබලාගත යුතු බවය. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉරාන ප්‍රහාරය හෙලා දකිමින් ඊශ්‍රායලට දිගින් දිගටම සහාය දෙන බව අවධාරණය කර තිබේ.

ඊශ්‍රායලයට ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමන් ද සිය කනස්සල්ල පළ කර ඇත. මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් විය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (6)

ලෝක නායකයෝ ඉරාන මිසයිල ප්‍රහාරය හෙළා දකිති

චන්දන Sunday, 14 April 2024 09:39 PM

මුන්ගෙ හැසිරීම හොඳට බලාගන්න. එතකොට ඊශ්‍රායලය ඉරාන තානාපති කාර්යාලයට ගහලා 13 ක් මැරුවට කමක් නැහැ . ගාසාවල කරන සංහාරය හරි?

:       4       11

Niroshan Sunday, 14 April 2024 11:13 PM

පසුගිය කාලෙම ඊශ්‍රායලය ඇමෙරිකාවට මුවාවෙමින් කලේ බලු වැඩ.අහිංසකයින් 30000 කට වඩා මැරුවා පලස්තිනයේදී.ඊශ්‍රායල් කාරයින් කියන්නේ ඉන්න හිටින්න තැනක් නැතිව ලෝකේ වටේම ඇවිද්ද අහිකුන්ටකයින් පිරිසක් බව දන්නා අය තවම ලංකාවේ හරිම අඩුයි.හිට්ලර් යුදෙව්වන්ව ඝාතතනය කලේ ඇයි කියලා හොඳට හොයා බැලුවොත් වැටහෙනවා යුදෙව්වන් කල අසාදාරන වැඩ ඉවසන්නම බැරුවයි අවසානයේදී නාසීන් යුදෙව්වන්ව ඝාතනය කරන්න පටන් ගත්තේ කියලා.ඉතිහාසයේ දෙවරක් යුදෙව්වන්ව සමූල ඝාතනය කරලා තියෙනවාලු.ආයෙත් මේ හදන්නේ සමූල ඝාතනයක් ඉල්ලන් කන්නද .

:       5       13

T.A.Amin Monday, 15 April 2024 01:12 PM

ලෝක නායකයෝ කියන්නේ ඊශ්‍රායලයේ කටු ලෙව කන බල්ල්ටය

:       2       5

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 15 April 2024 02:50 PM

ඊශ්‍රායලය විසින් පලස්තීන කුඩා දරුවන් හා කාන්තාවන් සමූහ ඝාතනය කල විට මුළු ලෝකයම ඊට විරුද්ධ වූණා යුරෝපය, ඇමෙරිකාව, ආසියාව හා අප්‍රිකානු ඇතුළු ලෝකවාසී ජනතාව උද්ඝෝෂණ කළා.. ඒ අවස්ථාවේ නිහඬ වූ වචනයක් කතා නොකරපු අයගේ දෙබඩි පිළිවෙත් පිළිකුල් සහගතයි...

:       0       4

vincent Monday, 15 April 2024 04:38 PM

ඊශ්‍රායලයට ගිහින් හම්බ කරන් කන්න හොඳයි. ලංකාවේ ත්‍රස්තවාදය නරකයි. අරාබි ත්‍රස්තවාදය හොඳයි.

:       2       4

Chandima Monday, 15 April 2024 05:23 PM

අපේ පිනා මොකුත් කියලා නැතිද ඔය ගැන... මිනිහත් හරි කැමැතියි ලෝක නායකයෙක් කියලා පෙන්නන්න. අන්තිමේ අලි කෙළිවලට මැදිවෙලා තැලිලා ගෙදර එනවා ඉන්දියාවෙන් බැනුම් අහගෙන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site