ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි ක කරන්න කමිටුවක් ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. 17 September 2023
පළාත් කීපයකට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි. 17 September 2023
ලන්ඩනයේ සැප පාරවල්වල ගිහින් කෝටි 261ක් පොලු තියලා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසර 19 ක කාලයක් ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග භාවිත කර ඇතත් එම කාලය සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 652120 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 261 ක් පමණ) ක මුදල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් ගෙවා නොමැති බව අමාත්‍ය ඩේවිඩ් රට්ලි මහතා එම ගෙවීම් සම්බන්ධව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ දැක්වේ. 17 September 2023
අතේ මහ ලේකම්කමට ලොකු තරගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 16 September 2023
තෙල් පොල්ල කෝටි විසිතුන්දහස පනී ඉකුත් 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා කාලය තුළ ඉන්ධන ණයට දීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ඛනිජ තෙල් සංස්ථාවට අය විය යුතු මුදල රුපියල් කෝටි 23,416ක් පමණ වන බව එම සංස්ථා වාර්තාවලින් අනාවරණය වේ. 16 September 2023
හොරපෙට නුදුරින් දුම්රිය මාර්ගයේ කාන්තා මළසිරුරක් හොරපේ - එඩේරමුල්ල අතර දුම්රිය මාර්ගයේ වැටි තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද හමුවු බව රාගම පොලිසිය පවසයි. 16 September 2023
මෙරට උගත්තු ෂෙඩ්වල, අවන්හල් සේවයේ මෙරටින් විදේශගත වූ ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. 16 September 2023
අමුතු පාඩමක් උගන්වන්න ගිය ගුරා අත්අඩංගුවට ඕපනායක ප්‍රදේශයේ පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසකට සිය ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඔපනායක පොලිසිය පවසයි. 16 September 2023
ඉන්දියා ආරාමයකින් ගංගාරාමයට සිවුරු සහ පාත්‍ර ශ්‍රී ලංකාවාසි සංඝරත්නය වෙත පූජා කිරීම සඳහා ඉන්දියාවේ සහ නේපාලයේ නියෝජ්‍ය ලේකම් ඉන්දියාවේ සිද්ධාර්ථ මන්දිර් ආරාමයේ තායිලන්තයේ පරදිස්වචාරජර්න් හිමියන් ඇතුළු දූත පිරිස සුදු යකඩ පාත්තර සහ සිවුරු 1600 ක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අද (16) පරිත්‍යාගය කළහ. 16 September 2023
කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවතට කොළඹ වරාය නගරයේ සියලු අවන්හල් 2027 වසරේ මාර්තු වනවිට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නේය 16 September 2023
ආයතන රැසක දත්ත වැනසිලා මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින් කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය. 16 September 2023
කටුගස්තොට සැක ඝාතනයක් කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ අලුතින් ඉදි කරමින් පවතින තෙමහල් නිවසක තනිව සිටි 57 හැවිරිදි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබියදී අද අලුයම කටුගස්තොට පොලීසිය මගින් සොයා ගනු ලැබ තිබේ. 16 September 2023
ජනතාවට සහන දෙන්නැයි ආණ්ඩුවේ පක්ෂ දෙකක් ජනපතිට කියයි ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන්නැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉදිරි දිනවල විශේෂ ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත. 16 September 2023
ලොක්කන්ගේ වාහන 2000ක් පවුලේ වැඩට විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට,පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි බුද්ධි අංශ රජයට බාරදී ඇති වාර්තාවක සඳහන් වේ. 16 September 2023
මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් සිඟම් යැදීම සදහා පවුලේ අය සමග පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි තවත් යාචක කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසයි. 16 September 2023
බස්නාහිරට,සබරගමුව සහ දකුණට වැසි බස්නාහිර,- සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 September 2023
ජනපති ’’G 77’’ අමතයි ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 16 September 2023
ඉන්දීය අපරාජිත වාර්තාව බංග්ලාදේශ පිල බිඳ දමයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගණයේදීතරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 16 September 2023
ගමන් බෑගයක මළසිරුරක් සීදුව දඬුගම් ඔය ආසන්නයේ අතහැර දමා ගොස් තිබු ගමන් මල්ලක් තුළ සඟවා තිබු මළ සිරක් සීදුව පොලිසිය සොයා ගෙන ඇත. 16 September 2023
කුරුණෑගල පාසලක සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලට කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින්සිසුන් සිව්දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි 15 September 2023
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න නීතිඥ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් අද ( 15) පත් කරනු ලැබීය. 15 September 2023
වට්ස් ඇප් නිසා ගුටි කෑ තරුණය මාස පහකට පසු මරුට වට්ස්අප් සමාජ මාධ්‍ය හරහා හදුනාගෙන සිටි 44 හැවිරිදි කාන්තාවක සමග කෙටි පණිවුඩ හුවමරු කර ගත්තැයි පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දුන් 21 හැවිරිදි තරුණයා මාස පහකට පසු මිය ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය කියයි. 15 September 2023
හෙයා පැෂන්වලින් ලොව දිනා එයි ප්‍රංශයේ පැවති 2023- ඕ.එම්.සී. හෙයාර් වර්ල්ඩ් ( O.M.C. Hair World ) ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පිනියන් දෙදෙනකු රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇත. 15 September 2023
දුම්රිය ගමන් වාර 30ක් අද අවලංගුයි දුම්රිය රියදුරු වර්ජනය අවසන් වුවද අද (15) දිනයේ ද දුම්රිය ගමන් වාර 30 කට අධික සංඛ්‍යාවක් අවලංගු කළ බවත් ඊට අමතරව සියලුම මාර්ගවල දුම්රිය බොහෝ වේලා ප්‍රමාද වී ධාවනය කළ බවත් දුම්රිය වෘත්තිය සමිති පැවසීය. 15 September 2023
හරක් කටාගේ අසාර්ථක මෙහෙයුමට උදව් කළ පී.සී.ගැන තොරතුරු රැසක් එළියට නදුන් චින්තක හෙවත් හරක් කටා ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ අසාර්ථක උත්සහට සහය දුන් කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක කුඹුරු ඉඩමක් හා තවත් දේපළ මිළදී ගෙන ඇති බවට විමර්ශන කරන පොලිස් නිලධාරීන් හෙළි කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 15 September 2023
අර්ථසාධක අරමුදල ගැන කම්කරු ඇමැතිගෙන් ප්‍රකාශයක් සේවක අර්ථ සාධක අරමුදලට අදාලව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 15 September 2023
උපකාරක පන්ති ගුරා මහේස්ත්‍රාත්ට ලේසරයක් අල්ලලා කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නඩු කටයුත්තක් මෙහෙයවමින් සිටියදී මහේස්ත්‍රාත්වරිය දෙසට ලේසර් කිරණයක් එල්ල කල බව කියන උපකාරක පන්ති ගුරුවරයකු ලබන 27 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (15) දින නියෝග කළාය. 15 September 2023
ගනේමුල්ල සංජීවට දින 90ක රැඳවුම් නියෝග පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානයක අපරාධ කල්ලි නයක මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ගනේමුල්ල සංජීව නැමැත්තාට ත්‍රස්තවාදය වැල්ක්වීමේ ආඥා පනත යටතේ අද (15) දින 90 ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 15 September 2023
ඊජිප්තු තානාපති රුවන් හමුවෙයි ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Maged Mosleh මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(15) පැවැත්විණි. 15 September 2023
හරක් කටා එළියට ගෙන යාම තහනම් කොටුව මහේස්ත්‍රාත්වරයා සහ නිතිපතිවරයාගේ අවසරයකින් තොරව හරක් කටා නොහෙත් නදුන් චින්තක වික්රමරත්නව රහස් පොලිස් බාරයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යාම වළාකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. 15 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026