(රෝෂන් තුෂාර)
කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි කියන රංගන ශිල්පීනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගිය 04 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට දී රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
සැකකරුවන්ට එරෙහි විමර්ශනය සංකීර්ණ හා දීර්ඝ බැවින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටි රහස් පොලිසිය සාක්ෂි සම්පින්ඩන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරුවන්ගේ වත්කම් අනාවරණය කර ගැනීමට බැංකු වාර්තා කැඳවා ඇති බවද පොලිසිය අධිකරණයට පැවසීය.මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමේදී අධිකරණ බලය පිළිබඳ ගැටලුව මතුවන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපද?
දේශපාලන පළිගැනීම්, ඔය මුක්කුව රනිල්ට ගහලා තිබ්බානම් ඉවරයි.
කඳුලු වගුරලා, ලක් අම්මාට අමාරුයි කියලා, වැළපිලා අරගලිස්ට්ස් රැලට මෙයා දුන්නු ගේම තමයි ගේම...! ඒවාට අහු වුණු මෝඩ රැල පව් අප්පා...
සජිත් බලන්න ආවේ නැතුව ඇති. පව් අප්පා...!
ලක් අම්මේ දැන් සැපද?
මේ වගේ මැටි චරිත දේශපාලන පක්ෂ වලට ගත්තොත් ඒවගේත් විනාශය.
ජොන්සන් කියන නමේම අවුලක් තියෙනවා.
ඔය නඩුවේ බළල් අත් විතරයි. ඔය නඩුවේ මහාමොලකරු තමයි මේ දවස්වල බස් බෙදන්නේ, ස්මාර්ට් පන්ති කාමර බෙදන්නේ..., ඒ විතරක් නොවෙයි හාල් බෑග් බෙදනවා තැන තැන. ඒ හොරසල්ලි පුතාණෝව පොලිසියට අල්ලන් ගිහින් කකුල් දෙකෙන් එල්ලලා දෙකක් දුන්නා නම් ලංකාවේ නිධන් තියෙන තැනුත් වමාරයි.
අරගලයේ හොරුන්ගේ ජාත්යාෙල්...!
ලක් අම්මගේ ලක් එකට කෙළවුණ වගයි