(සුජිත් හේවාජුලිගේ )
විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
එම විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ අවස්ථාවේදී වෙළඳ සල් හිමියා රුපියල් 1900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළඳ සල් හිමියා මෙලෙස ඔහුට මේ ආකාරයට බැන තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.
මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රබලව සංසරණය වෙමින් පවතී. පොලිසිය එම වීඩියෝ පදනම් කරගෙන විමර්ශන අරඹා සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ස්තුතී .කරුණාකර මේ ජඩ මූසල මුදලාලිලාට විරුද්ධව මේ වගේ අත්අඩංගුවට ගැනීම කරන .හැකි නම් එම වෙළඳසැල තහනම් කරන්න
හොඳින් කළා!
කළුතර පැත්තේ තේ කඩේකින් දිගු කලක සිට ලංකාවට යන එන සහ ලංකාව ගැන ඉතා හොඳ කියා වීඩියෝ ගොඩක් ප්‍රසිද්ධ කල විදේශික සංචාරකයෙකුගෙන් වඩේ එකක් සහ තේ කෝප්පයක් සඳහා රුපියල් 800 ක් ගත්ත බව කියන වීඩියෝවකුත් අන්තර් ජාලයේ සංසරණය වෙනවා. පොලිසිය එක දැක්කේ නැද්ද ?
සමහරු හිතා ඉන්නේ සුද්දෝ සල්ලි කඩන්නේ ගස් වලින් කියලා
ස්ට්‍රීට් ෆුඩ් කාරයෝ ආහාර විකිණීම කරන්නෙ ඉතාමත් අධික මිල ගණන් වලට තමා එනිසා නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න නොතියා සංචාරක ව්‍යාපාරයේ දියුණුව බලාපොරොත්තු වෙනවා නම් ස්ට්‍රීට් ෆුඩ්ස් ඉවත්කරන්න කටයුතු කරනවා නම් හොදයි
හොද වැඩේ එක කොත්තුවක් විකුණලා පොහොසත් වෙන්න හදපු මුදලාලිට
ඇයි අනිත් සිද්ධිය... වඩේ එකක් සම්බන්ධ...එයත් රටට නින්දා කල නීචයෙක්.. අසාධාරණ වෙලඳාම සම්බන්ධ නීති තියනව නේද. අනික රටට කල නීන්දාව...
ඉතාමත් හොද තීරනයක්. මේ රටේ ප්‍රෆ්හාන ආදයම් මාර්ගයක් වන්නෙ සංචාරක ව්‍යාපාරය ..මේ වගේ නරුම ව්‍යාපාරිකයො නිසා නැතිවෙන්නෙ රටේ කීර්තිය.විනයක් නැති පාලනය.කලුතර බගරයෙත් උලුදු වඩේකට රු.800ක් ගත්තෙ මේ වෆේම කඩකාරයෙක්.මේ සිදුවීම් දෙකම ලෝකෙ පුරා ප්‍රචාරය උන.එය විසාල ලෙස සංචාරක ව්‍යාපාරයට බලපානව.කොත්තු රොටී විකුනප්‍ය් මිනිහ ඒ නරුම වැඩේ කරල විදේසිකයට තගකුත් දානව.අල්ලා ඩ්ගෙවියන් ගැනත් කියනව .එහෙම කියන එවුන් තමයි ක්‍ය්ඩු බිසනස් කරන්නෙත්
මමත් මේක දැක්ක හරිම අශිලාචාර විදිහට බැනල එලවල දමනවා , විදේශිකයන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ද දහස් ගණනක් ආපන ශාලා වලදී විවිධ අඩන්තේට්ටම් වලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා අද ලංකාවේ තිබෙන ආපන ශාලා 95% මිල දර්ශන නැහැ , මුණ බබලා හිතු හිතු මිල ගණන් කියනව , මිල සම්බන්ධයෙන් විමසුවොත් පාරිභෝගිකයාට තර්ජනය කර බිය කරනවා , ආණ්ඩුවට පුළුවං මේගැන වහාම ක්‍රියාත්මක වන්න , නීති අනපනත් තිබෙනවා ක්‍රියාත්මක කිරීම පමණි අවශ්‍ය වන්නේ ,
ඕකාගේ අහවල් දෙක දාලා ගහන්න ඕන කොත්තුවක්
ඕවාගේ හදන කෑම පට්ට ජරාව.. දෙතුන් පාරක් බදින තෙල් වලින් තමා උයන්නේ... අපේ මිනිස්සු සහ විදේශිකයෝ රස කරකර කෑවාට විෂ තමයි කන්නේ... ලොකු හෝටල්වල එකපාරක් පාවිච්චි කරපු තෙල් තමයි මේ කොළඹ පාර අයිනේ කෑම හදන කොත්තු කඩවල් වැඩි ගණනක තියෙන්නේ... PHI මහත්තුරු මේවා පොඩ්ඩක් හොයන්න.. අර අසේල සම්පත් විතරයි මේවා ගැන කතා කරන්නේ...
මම සමාජ මාධ්‍යයේ එම වීඩියෝව බෙදාහැරියා හැමෝටම එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නාතුරු... මොහුට උපරිම දඬුවම් තිබිය යුතුයි. මොවුන් මෝඩයි... නූගත් වගේම ආත්මාර්ථකාමී මිනිසුන්... මොවුන්ට පොළිසිය සුපිරියටම වටහා දෙන්න ඕනෑ... මොවුන්ගේ කෑදරකම නිසා රටේ කීර්තිනාමය විනාශ වන බව...
හොඳ වැඩේ... ඔය කඩේ විකුණන්නේ කුණු. ජරා කෑම... මෙයා පාතාල කුඩු කාරයෙක්... සෞඛ්‍ය පරීක්ෂක මහතුනි, මෙයාගේ කඩේ පරීක්ෂා කරන්න. මෙයා සති ගණන් පරණ වෙච්චි කෑම රත්කරලා විකුණනවා. කුස්සිය , වැසිකිළිය වගේ... පොලිසිය ගත්තු තීරණයට මල්මිටක්...!
මුලින්ම පොලිසියේ මහත්වරුන්ට ගොඩක් ස්තුති කරනවා.. මොවුන් කරන්නේ අපේ රටේ නම කැත කරන එක. ඔය වගේ අයට උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න.
සමහර විදේශිකයෝත් අපේ රටට ඇවිල්ලා කුණු හොය හොයා යූ ටියුබ් වලට දම දමා සල්ලි හම්බ කරනවා... ඒ මිනිස්සුත් බබ්බු නෙමෙයිනේ... අපේ රටේ කොහොමත් විදේශිකයින්ට පොඩ්ඩක් වැඩියෙන් එදා ඉඳලාම මුදල කියන්නේ... ඒක අමුතු දෙයක් නෙමේ. ඒත් ඒකේ අරමුණ වෙන එකක්, විදේශිකයෝත් අපේ රටට ඇවිල්ලා හොඳ දේවල් ද කරන්නේ...!!!
කළු වලාවක රිදී රේකාවක්.. ඉතාම හොද දෙයක්.. මේ වගේ ග්‍රාමීය චන්ඩි ඉවරයක් කරන්න සමාජ මාද්‍ය වගේම ජනතාව සමග ත්‍රීවිල් රියදුරන් සාමුහිකව කටයුතු කරන්න ඕනෙ.. ෂුවර් එකටම මේ කාලකන්නියා පොහොට්ටුවේ
මාතර වෙරළ පාරේ hot grave cafe