ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ සංචාරය නිල වශයෙන් ආරම්භ වී ඇත. ඒ ග්‍රීසියේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක ස්ථානය ලෙසින් සැලකෙන පෞරාණික ඔලිම්පියාහිදී පැවැති සාම්ප්‍රධායික උත්සවයකින් අනතුරුවය.
දල්වන ලඳ මෙම ගිනි සිළුව දින 11ක කාලයක් සම්ප්‍රධායක් ලෙස ග්‍රීසියේ සංචාරය කරන අතර අනතුරුව මෙම මස 26 වැනිදා 1896 වසරේදී නුතන ඔලිම්පික් උළෙලේ ආරම්භය සිදු වූ ග්‍රීසියේ ඇතන්ස්හි පිහිටි පැනතේනයික් ක්‍රීඩාංගනයේදී ප්‍රංශ ඔලිම්පික් සංවිධායකයින් වෙත ඔලිම්පික් ගිණි සිළුව භාර දීමට නියමිතය.
එහිදී ඇතැන්ස් නුවර සිට ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යන්නේ නුතන ඔලිම්පික් උළෙලේ සමාරම්භය සිදු වූ වසරේදී යාත්‍රා ආරම්භ කළ ප්‍රංශයේ පැරැණිතම රුවල් නෞකාවක් වන 'බෙලම්' නෞකාවෙනි.
නෞකාව ප්‍රංශයේ මාසේල් වරාය නගරයට මැයි 8 වැනිදා ළඟාවීමට නියමිත අතර එහිදී එක් ලක්ෂ 50,000ක පිරිසක සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවයකින් ඔලිම්පික් ගිනි සිළුව පිළිගැනීමට සැලසුම් කර ඇතැයි ද පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි