(සිසිර කැලේගම )

ලංගම බස් රථයක්  නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික  රෝහලට  ඇතුළත්  කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

ලොරිය  පොල්පිතිගම,  රඹාගොඩැල්ල සීමාවේ පාර අයිනේ  නවතා තිබී ඇති අතර , කුරුණෑගල  සිට මඩගල්ල  දෙසට මගීන් රැගත් ලංගම  බසයක් එහි  පිටුපසින්  අධික වේගයෙන් පැමිණ  ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොල්පිතිගම පොලීසිය  කියයි.

බස් රථයේ කොන්දොස්තරවරයා හා තවත් මගියෙකුගේ පාදවල අස්ථි බිඳීම හේතුවෙන් එම දෙදෙනා හා තවත් එහි ගමන් ගත් මගීන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවු බවත්, තවත් දස දෙනෙකු පමණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්ව ප්‍රතිකාර ලබන නමුත්  කිසිවෙකුගේ තත්ත්වය  බරපතල  නොවන බවත් රෝහල් සේවකයෙක් පැවසීය.