(අංජුල මහික වීරරත්න)
මේ වසරේ මුල් කාර්තුව අවසන් වන විට කදුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
තෝරා ගත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සදහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 4109.20කි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙවර අයවැයෙන් කදුකර දශකය දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන සදහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 10.000කි. කලුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, කුරුණෑගල, අම්පාර යන දිස්ත්‍රික්ක වල මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
පළමු කාර්තුවේ දී දිස්ත්‍රික්ක 9ක් ව්‍යාපෘති සදහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මේ මාසයේ රත්නපුර, කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික් සදහා ද ප්‍රතිපාදන වෙන් කෙරුනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුවක් කල් නිදාගෙන ඉඳලා දැන් මොකක්ද මේ වෙනස? ඡන්දය ළඟ එනවද?
අපරාදේ පටන්ගත්තේ....!
ගස්වල විශාල විනාශයක්...!
ඒ කියන්නේ එක ව්‍යාපෘතියකට දළ වශයෙන් තුන් ලක්ෂ අසූ දෙදාහක මුදලක් වැය කරලා... ඔතැනින් හොරකම් කරපු ගණන අයින් කෙරුවාම සොච්චමක් තමයි එක ව්‍යාපෘතියකට ජනතා බදු මුදල් වැයකරලා තියෙන්නේ... ලොකුවට පුම්බලා කීවාට මුකුත්ම නැති ගානයි. හැබැයි පක්ෂ-පාට කරේ තියන් ඉන්න බත් කන ගවයින්ට ඕවා ලොකු ඇති.
කප්පම් කාරයා කියන කතා විශ්වාස කරනවා බොරු...