(ඉන්දිකා රාමනායක)
සිය දියණිය සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි (62) හැවිරිදි පුද්ගලයකු වූ වනඅලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.
සිද්ධියෙන් එම පුද්ගලයාගේ දියණිය ද බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පුද්ගලයා ඊයේ (16) පස්වරුවේ යතුරුපැදියෙන් ගල්ලෑව හන්දියේ සිට සිය නිවස බලා යමින් සිටින අතරතුර මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සැලවීමත්සමග අවට පිරිස් පුද්ගලයා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ඔහුගේ දියණිය අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු කොච්චර මැරුණත් කමක් නෑ, අලින්ට එහෙම මොකුත් කරනවා නෙවෙයි. පරිසරවේදියෝ එයි රෙද්ද උස්සගෙන.