(යොහාන් භාසුර)
දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ පළමු කාර්තුව තුළ වාර්තාගත ආදායමක් ලබා ඇතැයි එම සත්වෝද්‍යානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සත්වෝද්‍යානය මෙම වසරේ පෙබරවාරි මස මැද කාලය දක්වා රුපියල් කෝටි 5 කට අධික ආදායමක් ලබා ඇත බවත් එම කාලය තුළ දේශීය සහ විදේශීය නරඹන්නන් 15,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් එම නිලධාරියා කීය.
මෙම වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ආදායම ඊට වඩා වැටිවිය හැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙන් පස්සේ තව ඉහල යයි දනය ටෙලිවිෂන් එකේ දකින සත්තු කූඩුවට දාපුවාම .අත කාලා බලන්නත් කැමති කට්ටිය ඇතිනේ ?
කෙහෙලියාවයි, සියබලාපිටියාවයි ...වානරයින් ඉන්න පැත්තේ කුඩු දෙකක දාලා ප්‍රදර්ශනය කලානම් ආදායම තවත් වැඩිවෙන්න තිබුනා.කොහෙද අපේ නිලධාරීන්ගේ කතා විතරයිනේ, වැඩ නැහැ !!!
බලධාරින්ගේ ප්‍රකාශ පළ කිරීම මාධ්‍ය ආයතනවල වගකීම වුවත්, Google Reviewsහි විදේශීය මෙන් ම දේශීය අමුත්තන් ද සටහන් කර ඇති දේ පිළිබඳවත් අවධානය යොමු කරන්න. මම දුටු සටහන් කිහිපයක් මෙසේ දක්වමි: 'දේශීය අමුත්තන්ගෙන් අය කරන්නේ රු.300යි, විදේශිකයන්ගෙන් 3,000යි!", 'කූඩුවලින් සියයට 30ක විතර සත්තු නැහැ', 'සත්තුන්ගේ වතුර තටාක බොහෝම අපිරිසිඳුයි", "හැමතැන ම මීයෝ දුවනවා", 'සියල්ලට පෙර සේවකයන්ට අමුත්තන්ට විනීතව කතා කරන්න පුහුණු කරවන්න", 'ජිරාෆ්ගේ පිටේ කුෂ්ඨයක්, බොහෝ සතුන් ඉතාමත් පීඩාවෙන් සිටිනා බව පෙනෙනවා" . . . එම අසරණ සතුන්ගේ නාමයෙන් ලංකාදීප පුවත්පතින් විපරමක් කර වාර්තාවක් පළ කරන ලෙස ඉල්ලා සිටිමි.