(අංජුල මහික වීරරත්න)
පුවක් පැළ ලක්ෂ 15 ක් රට පුරා රෝපණය කිරීමේ වැඩසටහන ජාතික රුක් රෝපණ නැකතට අරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව යෙදෙන අවසන් නැකත වන “පැළ සිටුවීමේ නැකත” හෙට (18) දිනට යෙදී තිබේ. පෙරවරු 10.16ට දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙස ජාතික නැකත් සීට්ටුවේ සඳහන් වී ඇත.
ඒ අනුව නැකතට පැලයක් සිටුවීමේ ජාතික උත්සවය කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.
ඒ අනුව වැවිලි බෝගයක් ලෙස පුවක් පැළ ලක්ෂ 15 ක් රෝපණය කිරීමේ වැඩසටහන, තේ වතුවල පාලු සිටුවීම සඳහා තේ පැල ලක්ෂ 10ක් ලබාදීම, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් තේ වතු වගා ලක්ෂයක් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් තේ වතු වගා 30000ක වගා ඇරැඹීමට නියමිතය.
එමෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කුරුඳු, ගම්මිරිස්, ආදී කුළුබඩු පැල වර්ග ද, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය මගින් පොල් පැල 50,000ක් රෝපණය කිරීමේ වැඩසටහන ද අරඹයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුවක් ශරීරයට අහිතකරයි එක දන්නේ නැති මැට්ටන් ඉන්නේ ලංකාවේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පුවක් පිළිකා කාරකයක් බව ප්‍රකාශ කර ඇත. එමෙන් ම තායිලන්ත රජය පුවක් වගා කිරීම තහනම් කළ බව කලකට පෙර විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
පුවක් රිලවුන්ට ආහාර සඳහා නිසා මිනිසුන්ට හානියක් නෑ...!