
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඩුබායි ගුවන්තොටුපොළට ජලයෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් අඩපණ වී ඇත. ගුවන් තොටුපොළ කටයුතු පැය කීපයකට සම්පූර්ණයෙන්ම අකර්මර්ණය විය.
ඩුබායි බලා යන ගුවන් යානා සියල්ල වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යවා ඇති බවත්, මගීන්ට එම ගුවන්තොටුපොළවල සිට ඩුබායි හි ඔවුන්ගේ ගමනාන්ත වෙත යෑමට බස් රථ ලබා දීමටත් ‘ෆලයි ඩුබායි’ ගුවන් සේවයේ බලධාරීන් කටයුතු කර තිබේ.
ඩුබායි ගුවන්තොටුපොළට පැමිණීමට නියමිත මගී යානා බොහොමයක්, අයහපත් කාලගුණය හේතුවෙන් පැය 5 කට ආසන්න කාලයක් උඩු ගුවනේ පියාසරකරමින් සිට පසුව වෙනත් ගුවන්තොටුපොළවලට ගොඩබෑ බව ද පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මෙහෙ වුණා නම් බලන්න තිබුණා. රතු තරුවේ කමෙන්ට් අප්පුහාමිලාගේ කෙස් පැලෙන තර්ක විතරක් මෙම තීරුව සිසාරා ගලා හැලෙන හැටි....!
ලංකාවේ මෙහෙම දෙයක් වුණොත් ලියවෙන කවි කොච්චර ලියාවිද? රචනාවල් පිටු ගණන් ලියවයි. එහේ ඉන්න ලංකාවේ අයට ඕවා කරන්න වෙලාවක් නැතිව ඇති...
ඩුබායි වලට වහින්නේ මුළු අවුරුද්දටම එක දවසයි, දෙකයි, ඒක හින්දා ඒ ගොල්ලන්ගේ කිසිම වතුර බැහැලා යන කාණු පද්ධතියක් හදලා නැහැ. ඉතින් එකදිගට පැයක් ලොකු වැස්සක් ඇති හැමතැනම යටවෙනවා...
එහෙ මාලිමා රජයක් තිබුණා නම් ඔය අනතුර වෙන්නේ නෑ.
එයා බස් ටික දැන් සී බස් වෙලාද ඩුබායිවල