
(සුජිත් හේවාජුලිගේ)
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
ඔහු මිය යනවිට 92 වැනි වියේ පසුවිය.
ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන ප්‍රදේශයේදී 1931 නොවැම්බර් මස 5 වැනිදා උපත ලැබූ ආරියරත්න මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ සහ ප්‍රජා සංවර්ධනයේ අඛණ්ඩ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ගුරුවරයකු වන ආරියරත්න මහතා කලක් මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු ලෙසද කටයුතු කළේය.
ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන්ද , ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන්ද ලැබීය.
හෙතෙම වසර හැට තුනකටත් වැඩි කාලයක් සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය පවත්වාගෙන යමින් සිය සේවය අඛණ්ඩව කරගෙන ගියේය.
ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ ජනතාව වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක්ද දිනාගත්තේය.
ඔහු ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ජනාධිපතිවරයා අතින් 2007 වර්ෂයේ දී ද , ප්‍රජා නායකත්වය සඳහා රැමන් මැග්සේසේ සම්මානය (පිලිපීනය) 1969 වර්ෂයේදී ද සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානය (බෙල්ජියම) 1982 වර්ෂයේදීද නිවානෝ සාම ත්‍යාගය (ජපානය) 1992 වර්ෂයේදීද සහ මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) 1996 වර්ෂයේදීද මෙසේ දිනාගෙන ඇත.
ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කාවේ ගම්වලට විශාල සේවයක් කළ කෙනෙක්. ඈත ගම්වල දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවන මට්ටම දියුණු කරන්න සර්වෝදය තුළින් මෙතුමා විශාල සේවයක් කළා. ගම්වල පාරවල්, වැව්, අමුණු බොහෝ දේවල් ඉස්සර කලේ සර්වෝදයෙන්... ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම පුද්ගලයෙක්. නිවන් සුවය ලැබේවා..!
රටට දැයට වැඩක් කරපු යහපත් මනුස්සයෙක්... නිවන් සැප ලැබේවා...!
නිවන්සුව ලැබේවා
ආණ්ඩුවේ සිංහල අවුරුදු නැකත් සීට්ටුව බොහොම ලස්සනට වැඩකරන්න අරන් වගේ ...ඊයේ තෙවරප්පෙරුම ,අද ආරියරත්න මහත්මයා ..හෙට ? යකෝ කාලකන්නි මිනීමරු හොරු මැරෙන්නේ කවදාද ?
පබාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
සුදු ඇඳගෙන කළු ඇවිදින් යන්න ගිහින්..