ගනේමුල්ල සංජීවට දින 90ක රැඳවුම් නියෝග පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානයක අපරාධ කල්ලි නයක මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ගනේමුල්ල සංජීව නැමැත්තාට ත්‍රස්තවාදය වැල්ක්වීමේ ආඥා පනත යටතේ අද (15) දින 90 ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 15 September 2023
ඊජිප්තු තානාපති රුවන් හමුවෙයි ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Maged Mosleh මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(15) පැවැත්විණි. 15 September 2023
හරක් කටා එළියට ගෙන යාම තහනම් කොටුව මහේස්ත්‍රාත්වරයා සහ නිතිපතිවරයාගේ අවසරයකින් තොරව හරක් කටා නොහෙත් නදුන් චින්තක වික්රමරත්නව රහස් පොලිස් බාරයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යාම වළාකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. 15 September 2023
පාස්කු නඩුවේ කරුණු යළි සළකා බලන්නැයි මෛත්‍රී ඉල්ලයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව දැනට බ්‍රිතාන්‍ය චැනල්4 නාලිකාව මගින් නව තොරතුරු අනාවරණය කර ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධ නඩුවෙි තමන් සම්බන්ධව සඳහන් කර ඇති කරුණු යළි සළකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය 15 September 2023
චැනල් 4 හෙලිදරව් ගැන හොයන ජනාධිපති කමිටුව පත් කරයි පාස්කු ප්‍රහාරය පිළිබඳ ’’චැනල්-4’’ නාලිකාව වීඩියෝවක් නිකුත් කරමින් කළ චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 15 September 2023
හරක් කටාට උදවු කළ කොස්තාපල්ගේ වැඩ තහනම් හරක් කටා නොහොත් නදුන් චින්තක නැමැති සංවිධානාත්මක අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කිරීමට ආධාර උපකාර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා වැඩතහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 15 September 2023
පෙරහරට ගෙනා අලියා සිසුවා බිලි ගනී පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයේ වාර්ෂික පෙරහර වෙනුවෙන් රැගෙන විත් එම විහාරස්ථානයේ බැද දමා සිටි අලියෙකු පහර දී හිස පෑගීම නිසා 12 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පනාමුර පොලිසිය කියයි. 15 September 2023
කසිප්පු වටලන්න ගිහින් අතුරුදන් වූ පීසී ගේ සිරුර හමුවෙයි කිලිනොච්චි ප්‍රදේශයේ මත්පැන් වැටලීමකට ගොස් සිටියදි අතුරුදන්ව සිටි කොස්තාපල්වරයාගේ මළ සිරුර මලයාලපුරම් වැවේ පාවෙමින් සිටියදී අද (15) හමු වු බව පොලිසිය කියයි. 15 September 2023
ලංකාවට ආ බිරිඳ - පුතා අතුරුදන්: ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතා නැවතත් ජපානයට නොපැමිණි බවට සඳහන් කරමින් ජපන් ජාතික පුද්ගලයකු විද්‍යුත් තැපෑල ඔස්සේ පොලිස් සංචාරක කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි 15 September 2023
මත් උවදුර පාලනයට මැතිසබයෙන් අලුත් තීරණයක් මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා ජනතාවගෙන් අදහස් සහ යෝජනා ගැනීමට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු පාලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත. 15 September 2023
ප්‍රභූදේවා මෙරටට සුප්‍රසිද්ධ ඉන්දීය කලාකරුවෙකු වන ප්‍රභූදේවා ඔහුගේ මීළඟ චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විශිෂ්ඨ නර්තන, අධ්යක්ෂණ සහ රංගන හැකියාවන් හේතුවෙන් ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධ කලාකරුවෙකු බවට මේ වන විට ප්‍රභූදේවා පත්ව ඇත. 15 September 2023
අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයෝ විරෝධතාවක සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (15) පැවැත්විණි. 15 September 2023
ලොක්කන් හතරක් ගැන මැතිසබා කමිටුවෙන් විපරමක් තනතුරු හතරකට අලුතින් පත් කෙරුණු තවත් ප්‍රධානීන් පස්දෙනකුගේ යෝග්‍යතාව පරික්ෂා කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 15 September 2023
ජනපති කියුබා ජනපති හමු වෙයි “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) මහතා අතර නිල හමුව කියුබාවේ දී සිදු විය. 15 September 2023
පක්ෂින් ජාවාරමේ යෙදුණු අයෙක් අල්ලයි ආරක්ෂීත පක්ෂීන් ඇතුළු සතුන් කූඩු වලින් ගෙන රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු සැකකරුවකු සැලළිහිනින් තිදෙනෙකු අලෙවි කිරීමට සුදානම් වන අවස්ථාවේදි අත් අඩංගුවට ගත් බව පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි. 15 September 2023
ෆිච් රේටින්ග්ස් ලංකාව පහළට දමයි ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත. 15 September 2023
බස් බස් ගැටී සිසුන් 21 ක් රෝහලේ නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි බස් රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ දී ගැටීම නිසාවෙන් අද (15) සිදු වූ අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 21 දෙනෙකු සහ ගුරැවරියක පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බව පාදුක්ක පොලිසිය පවසයි 15 September 2023
ධීවර පනතට ආංශික කමිටුවේ අනුමැතිය ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. 15 September 2023
සචිත්ර යළි රිමාන්ඩ් ක්‍රීඩා තරඟ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක 25 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15) නියෝග කළේය. 15 September 2023
කෝටි 3ක රන් කටුනායකින් අල්ලයි රුපියල් තුන් කෝටි හැත්තෑ දෙලක්ෂ හැත්තෑ පන් දහස් නවසිය අසූ පහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අද (15) දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 15 September 2023
ලොව උසම සුනකයා දිවියට සමුදෙයි ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.සියුස් ග්‍රේට් ඩේන් වර්ගයට අයත් බලු පැටියෙකු වූ අතර අස්ථි පිළිකාවක් වැළඳීම හේතුවෙන් පසුගියදා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නේය. 15 September 2023
අයි.එම්.එෆ්. ණය රාමුවෙන් ආණ්ඩුව බැහැර නොවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්.) විස්තීරණ ණය වැඩසටහනේ රාමුවෙන් බැහැරවීමට ආණ්ඩුව සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 15 September 2023
මතට ඇබ්බැහි වූ කොස්තාපල් ගෙදර හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටී පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කළ බව පොලිසිය කියයි. 15 September 2023
වරෙන්තුකරු අල්ලන්න ගිය අයි.පී ට බලු ප්‍රහාරයක් නාඋල බොබැල්ල ප්‍රදේශයේ පදිංචි වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය නාවුල පොලිසියේ කණ්ඩායමක් වෙත එම නිවසේ ඇති කළ සුනඛයකු කඩා පැන පොලිස් පරීක්ෂකවරයෙකුගේ වම් කකුල සපා කා තුවාල සිදුකර ඇතැයි නාඋල පොලිසිය පවසයි. 15 September 2023
පිටසක්වළ ජීවීන් ගැන නාසා වාර්තාව එළියට ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක් කළේය. 15 September 2023
ගාලු පාරේ ගුටි ඇන ගත් 12ක් අත්අඩංගුවට ගාලු පාර අවහිර වන ආකාරයට රංඩු වෙමින් සිටි පුද්ගලයින් දොලොස් දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලීසිය පැවසීය. 15 September 2023
‘අපි තමයි හොඳටම කළේ’ කියන අයට ඇත්තට මුහුණ දෙන්න වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන විට ඇතිවන තත්වයන්වලට මුහුණ දෙන්න සූදානම් විය යුතු බවත් අපි තමයි හොඳටම කරමින් ඉන්නේ කියන අයට ඇත්තට මුහුණ දෙන්න වෙලාව වැඩි ඈතක නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‘කෝප්’ කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. 15 September 2023
කාන්තා මළ සිරුරක් කඩ කාමරයක දොම්පෙ , ගිරිදර කඩකාමරක් තුල තිබී සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව දොම්පෙ පොලීසිය සඳහන් කරයි. 15 September 2023
ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (14) සමත් වූහ. 15 September 2023
සජිත් - බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් හමුවේ බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විණි. 15 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026