IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ජනපති ලස්සන වීමේ රහස කියයි

(අංජුල මහික වීරරත්න)

නුවරඑළිය මීපිළිමානේ බක් මහා උළෙලකට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා දුන් පිළිතුර නිසා අවුරුදු උත්සවයේ සිටි සියල්ලෝම සිනා සාගරයක ගිලී ගියහ.

අවුරුදු උත්සව භූමියේ තරඟ නරඹමින් සිටි ජනාධිපතිවරයා අසලට ගිය නිවේදිකාව " ඔබතුමා මෙච්චර ලස්සන වුනේ කෙසේදැයි විමසීය.

ඊට ක්ෂණිකව පිළිතුරක් දුන් ජනාධිපතිවරයා " මම ලස්සන වුනේ යූ.එන්.පී එකට බැඳිලා" යැයි සිනා මුසු මුහුණින් පැවසීය. 

ජනාධිපතිවරයාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නය සහ ඊට ලැබුණු පිළිතුර මුළු උත්සව භූමිය පුරා ශබ්ද  විකාශන යන්ත්‍රය ඔස්සේ සජීවීව විකාශය වෙමින් පැවති හෙයින් සියල්ලෝම ඊට සිනාසුනහ.

සංචාරක ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ජනාධිපතිවරයා සමග මීපිළිමානේ බක්මහ උළෙල නරඹන්නට ගියේය.



අදහස් (8)

ජනපති ලස්සන වීමේ රහස කියයි

Hafeel Monday, 15 April 2024 02:05 PM

නමුත් මෙයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වුණායින් පසු ඔහුගේ පක්ෂය අවලස්සන වුණා. පක්ෂය දියාරු වෙලා ගියා. පාක්ෂිකයින්ට අප්‍රිය වෙලා.

:       23       49

Bunny Preena Monday, 15 April 2024 02:05 PM

බොරුනේ කියන්නේ. එයා ලස්සන වෙලා තියෙන්නේ නෙලුම් පොකුණෙන් නාලා...

:       20       34

ගමේ එකාලා Monday, 15 April 2024 02:30 PM

පින් ජනාධිපති වෙච්චි හිතේ සතුටට වෙන්ඩැති...?

:       24       44

චින්තක Monday, 15 April 2024 04:18 PM

එක්කෝ එතුමාට ජනාධිපති වෙන්න කොතරම් පුණ්‍ය කර්මයක් තියෙන්න ඇතිද කියලා හිතුනේ නැද්ද? අවුරුදු 75ක් තිබුණු පක්ෂය නැත්තටම නැතිවුණා. ඒත් ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුර හරහා ජනාධිපති වෙන්න වාසනාවන්ත වුණා කියන්නේ එසේ මෙසේ පිංවන්තයෙක් වෙන්න බැහැ. ඒ නිසා පිං ජනාධිපති කිව්වාට වැරැද්දක් නැහැ..

:       7       47

de silva Monday, 15 April 2024 07:49 PM

ලස්සන වෙන්නේ හිත සතුටු වුණාම සිත සතුටු වෙන්නේ රසම රස ලොලිපොප් කෑවාම, ඔබත් අදම මිලදී ගන්න පරම්පරා ගණනකගේ විශ්වාසය දිනූ උස්වත්තගේ ලොලිපොප්...!

:       0       0

NIHAL DHARMATILEKE Monday, 15 April 2024 11:06 PM

අනිත් 134 කැත හින්දා මෙයා ලස්සනට පේනවා

:       0       0

පියල් Tuesday, 16 April 2024 01:18 PM

මෝඩ චූන්

:       4       5

පියල් Tuesday, 16 April 2024 02:03 PM

නිවේදිකාව: ඔබතුමා මෙච්චර ලස්සන වුනේ කෙසේද? ජනාදිපති: මම සමනලයෙක්නේ

:       4       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මා - පිය වලියට දැරිය දිවි පුදයි
2024 මැයි මස 03 397 0

මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


මේ වසරේ දෙවන පාසල් වාරය අදින් අවසන්
2024 මැයි මස 03 224 0

2024 වසරේ පාසල් පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


හදන දුම්රිය මගේ අනාරක්ෂිත ගමනින් සිසුවෙක් මරුට
2024 මැයි මස 03 437 0

ගල්ගමුව ඉන්ධන පිරවුම්හලම පිටුපස ප්‍රතිසංස්කරණය කරන දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙන


පළාත් තුනකට අදත් වැස්ස
2024 මැයි මස 03 42 0

බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


ආසියා කැරම් අනු ශූරයෝ දිවයිනට
2024 මැයි මස 03 104 0

06 වන ආසියානු කැරම් අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත්, කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් , පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානයත් දිනා


නිදාසිටියදී මරා දමලා
2024 මැයි මස 03 203 0

නෙදුන්කේනි කිරිසුඩ්ඩාන් ප්‍රදේශයේ නිවෙසක නිදාගෙන සිටි පුද්ගලයකුට කිසියම් පුද්ගලයකු හෝ කීපදෙනකු ආයුධයකින් හිසට පහර දී ඝාතනය කර ඇති බව නෙදුන්කේනි පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 460 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1881 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1678 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site