(නිමල් ජයරත්න, ගයාන් සූරියආරච්චි සහ චාපා මධුභාෂිණි)
පොළොන්නරුව ගිරිතලේ යාය හතර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු දාහතක දැරියක තුවාල ලබා ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති අතර 14 වෙනිදා රාත්‍රී 8.30 ත් 8.45 අතර කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.
වෙඩි වැදීමට ලක්වූ තරුණිය අලුත් අවුරුද්ද නිමිත්තෙන් අසල්වැසි නිවසකට අවුරුදු නෑගම් ගොස් සිටි අවස්ථාවේදී මෙම වෙඩි වැදීමට ලක්ව ඇත.
වෙඩි වැදීමකට ලක්වූ දැරියක විවාහක පුද්ගලයකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කෙරෙන බව,පරීක්ෂණ පවත්වන මින්නේරිය පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් එම තරුණියගේ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර ඇගේ තත්වය බරපතල හෙයින් ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහ රෝහලෙන් අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමමදි සඳහන් කළේය.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගයෙකු බවට මින්නේරිය පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර එම සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
393
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තහනම් ගහක ගෙඩි කන්න ගිහින් දැරියක වෙඩි කයි
ගාමිණී Monday, 15 April 2024 02:44 PM
දැන් කෙල්ලන්ට මොනවා වුණත් කමක් නෑ... වෙඩි කාගෙන හරි අනියම් පෙම් සුවය තමයි පතන්නේ... ඔබට ඉක්මනින් සුවය ලැබේවා...!
ඒ කෙල්ල මමයිMonday, 15 April 2024 06:27 PM
තැන්කියු ගාමිණී අංකල්...
ධනුෂ්ක Monday, 15 April 2024 08:02 PM
විශේෂයෙන්ම මේ වයසේ තරුණියන් වැඩිහිටි පිරිමින්ට කැමැතියි. අහන පමාව විතරයි..!