IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වාහන ගෙන්වන්නන්ට කොළ එළියක්

(සුජිත්  හේවාජුලිගේ)

අවශ්‍යතා අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලක් යටතේ  ඉදිරියේදී වාහන ආනයන කිරීමට ක්‍රමානුකූලව අවසරදීමට බලාපොරොත්තු වන බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලා පිටිය මහතා පැවසීය

විශේෂ කමිටුවක් පත්කර  ඒ ප්‍රමුඛතාව  සම්බන්ධයෙන්  කරුණු සොයා බලාගෙන යන බවද ඔහු සඳහන් කළේය.සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය  වෑන් රථ 750 ක්  සහ බස් රථ 250ක් ගෙන ඒමට අවස්ථාව දුන් බවද සියඹලාපිටිය මහතා කීවේය.

ලංකාවේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවා යන තැනට ගෙනවිත් ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා   මහ බැංකුව දේශීය වෙළඳපොළෙන්  මුදල් මිලදී ගැනීමෙන් මේ තත්වයට පැමිණි බවද ප්‍රකාශ කළේය.

සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක් හතක් දක්වා ඉලක්කයකට ගෙන ආ යුතු බවද හෙතෙම  සඳහන්  කළේය.



අදහස් (8)

වාහන ගෙන්වන්නන්ට කොළ එළියක්

sachith Monday, 15 April 2024 03:22 PM

වාහන කලුකඩකාරයන්ගේ තවත් වෙළෙද දැන්වීමක්...

:       6       25

ආරියසේනMonday, 15 April 2024 04:44 PM

කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරියේ නිපදවන වාහන වලට මොකද කරන්නේ? ලංකාවේ අවශ්‍ය අයටත් ඒවායින් ගන්න කියන්නකෝ. කොහොම වුණත් ත්‍ර්‍රීවිලර් අටමගල් ගෙන්වීම තහනම් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්... ඇමැතිතුමා අපි එහෙම කියන්නේ ඔවුන්ගේ නැවතුම් පොලවල් මාර්ග හංදියේ තියෙනවා... පදික වේදිකාවේ තියෙනවා.. ඔවුන්ගේ වේග සීමාවෙන් යන්න වුණාම අනෙකුත් වාහන හිමියන් අපහසුතාවයට පත්වෙනවා... මෙම ත්‍ර්‍රීවිලර් නිසා වෙළඳ ආයතන පාඩු ලබනවා...

:       5       35

Chandima Monday, 15 April 2024 06:54 PM

ණය කාරයින්ට පොල්ල තියලා සංචිත නග්ගන එක කජ්ජක්ද? නොගෙවන ණයට මේ කාලේ පොලිය එකතුවෙලා ඇති ඔයිට වැඩිය. මහා ප්‍රාතිහාර්යයක් පෙන්නුවා වගේනේ කියවන්නේ..!

:       0       1

de silva Monday, 15 April 2024 07:37 PM

අනේ කොහොම හරි ඇමැතිවරු ටිකට අලුතෙන් V8 කිහිපයක් ගෙන්වා දෙන්න අමතක කරන්න එපා.. එහෙම නොකලොත් පාරේ ඉන්න අහිංසක මිනිස්සු කීපදෙනෙකුත් අරගෙන එතුමාලා අධි වේගයෙන් ස්වර්ගය කරා යන ගමනට බාධාවක් වෙනවා...

:       0       0

de silva Monday, 15 April 2024 07:39 PM

මෙයට මෙහෙම කියන්න කියලා සෙල් මාෆියාවෙන් කීයක් හරි දෙන්න ඇති, සංචාරක කර්මාන්තෙට වාහන ගෙන්වන්න ඕනේ... සීසන් එක පටන්ගන්න මාසෙකට දෙකකට කලින් මිසක් අප්‍රේල් මාසේ සීසන් එක අවසන් වුණාම නොවේ..!

:       0       0

sarath Monday, 15 April 2024 07:42 PM

ලංකාවේ වාහන අවශ්‍ය වෙන්නේ සංචාරක කර්මාන්තයට පමණද? ලංකාවේ රැකෙන්න ඕනේ සංචාරක කර්මාන්තය පමණද? අනෙක් මිනිස්සු කරන කර්මාන්ත, කර්මාන්ත නොවේද? මෙහෙම කාලකන්නි ඇමැතියෙක් මොවුන්ට ලබන ඡන්දෙදී ඡන්දේ දෙන්න එපා.

:       0       1

Perera Tuesday, 16 April 2024 06:15 AM

ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 1 ඇමැතිලාට මන්ත්‍රීලා ඡන්දෙට ඉස්සෙල්ලා අධිසුඛෝපභෝගී වාහන ගෙන්වීම

:       0       0

Bamunuarachchi Tuesday, 16 April 2024 08:17 PM

සැකයක් තිබෙනවා සියඹලාපිටිය මේ හැරෙන්නේ චන්දෙට කලින් මන්ත්‍රීයන්ට වාහන බලපත් දෙන්න වගේ. දෙන්න නම් එපා ගොයියෝ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 393 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site