(යසන්ත ආරියසේන)

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින්ද ගල්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව හක්මන පොලිසිය පවසයි.

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේ පදිංචි සෙනරත් රත්නායක විරාජ් පියුමාල් නැමැති විසි එක් හැවිරිදි තරුණයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.

අත්අඩංගුවටගත් කෝංගල මධ්‍යම ප්‍රදේශයේ පදිංචි හතලිස් හය හැවිරිදි සැකකරු ඝාතනයට ලක්ව ඇති තරුණයාගේ පවුලේ ඥාතියකු වන අතර අත්අඩංගුවටගත් සැකකරු අද (16) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල බව පොලිසිය පවසයි.