(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාමර කුලියටදීමේ නිතරව සිටි පුද්ගලයකු නිවෙසේ නිදාගෙන සිටියදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනකු විසින් තියුණු ආයුධයකින් පහරදී අද(16) අලුයම ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා 2020 වසර වනතෙක් මහා පරිමාණයෙන් මත්කුඩු ජවාරමේ නිරතව සිට අයකු බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 52 ක් වයසැති බොරුපන, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා කාලයක් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිට 2020 වසරේදී ජාවාරම නවතා දමා එම මුදල්වලින් සාදාගත් ගොඩනැගිලි දෙකක කාමර කුලියටදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
එම ගොඩනැගිලි දෙකෙන් එක් ගොඩනැගිල්ලක මියගිය පුද්ගලයා අනියම් බිරිය සහ ඇගේ දරුවන් සමග ජීවත්වී ඇති බව ද පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
සැකකරුවන් දෙදෙනා කුලී රථයකින් මියගිය පුද්ගලයාගේ රත්මලාන, බොරුපන ප්‍රදේශයේ නිවෙසට අද (16) අලුයම 4.30 ට පමණ පැමිණ එහි දොරගුළු කඩා ඇතුළු වී මියගිය පුද්ගලයාගේ අනියම් බිරිය සහ දරුවන් වෙනත් කාමරයකට දමා දොර වසා ඇති බව පොලිසිය කියයි.
පසුව සැකකරුවන් දෙදෙනා මියගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශයට පිහි පහරවල් කීපයක් ඇන පලාගොස් ඇති බවද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ජාවාරම් කාරයන් 95% කගේ ජිවිත වල අවසානය ඉතා කෙදජනක බව සියල්ලන්ම සිතට ගන්න ඕනේ ,