
(අංජුල මහික වීරරත්න)
ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
MD 2 අන්නාසි ප්‍රභේදය සඳහා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පැවතිය ද මේ වන තෙක් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීමට පියවර ගෙන නැතැයි ද මිහිරි රසයකින් මෙන්ම අවම ආම්ලිකතාවයකින් යුත් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීම සඳහා කළ පර්යේෂණ සාර්ථක වී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
මේ නිසා බෝග නිදහස් කමිටුවේ නිර්දේශ යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා නිර්දේශ කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
කෘෂි අංශ නවීකරණ වැඩ සටහන යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාවට කළ පර්යේෂණ සාර්ථක වී තිබෙන අතර ගොවීන්ද මෙම අන්නාසි ප්‍රභේදය වගා කිරීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තිබුණු පැරණි අන්නාසි ප්‍රභේදයක් වන මුර්සි අන්නාසි වලට මොකද උනේ ?
මේකට අවසර දුන්නොත් අපේ සම්ප්‍රදායික මුරිසි අන්නාසි ප්‍රභේදයට අබ සරණයි. බිබිලේ දොඩම් වලට වෙච්ච දෙ මතකයි නේද?
මුරිසි... මුරිසි දූපතෙන් ප්‍රභේදයක් ආවා වගේද? මම පිටරට ජීවත් වෙන කෙනෙක්, ඇත්තම කියනවා නම්, ලංකාවේ දැනට තියෙන ප්‍රභේද තරම්ම අඩුම තරමේ අන්නාසි ගෙඩියක රස බලන්න... ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ දිය සහිත අඹ සහ අන්නාසි වර්ග දෙකයි. පැපොල් ගෙඩියේ පවා රස නැත.. ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රසීලයේ අන්නාසි තිබේ, ශ්‍රී ලංකාවේ ප්‍රභේද තරම් රසවත් නොවේ. ශ්‍රී ලංකාවේ රසට සමාන අඹ හෝ ගස්ලබු නැත.. ශ්‍රී ලංකාවට අලුත් ව්‍යාපාර කිහිපයක් ආරම්භ කළ හැක...
අනෙක් භෝග බීජ රටෙන් ගෙන්වලා අද දේශීය බීජ සොයාගන්නවත් නැහැ
බොහොම ප්‍රවේශමෙන් කලයුතු වැඩක්.මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහ අපගේ විද්‍යාඥයන්ගෙන් උපදෙස් ලබා ගත යුතුය.
ලංකාවේ දැනට තියෙන අන්නාසි තමා හොඳම එක.. මේ ඒකට වින කටින්න කොමිස් කුට්ටියක් ගන්නා වැඩක් වගේ... මොවුන්ව සත පහකට විශ්වාස කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි....
මෙයා ලංකාවේ තියෙන අන්නාසි වලටත් කෙළින්න යන්නේ...
අලි වැඩේ, මුරිසියෙන් ගෙනා අන්නාසි පරිස්සං කරගන්ට පිටින් වෙන අන්නාසි ගෙන එක තහනං කරගන්ට වෙලා
ඔය ලංකාවට උරුම රසයි කියන අන්නාසිත් ආවේ පිටරටින් බං. මුරුසි අන්නසි මෙහාට ආවෙ මුරුසි දිවයිනෙන්.
තියන අන්නාසි වගාව දියුණු කරන්නේ නැතුව මොන කෙන්ගෙඩියක් කරනවද මන්දා ?කොමිස් කුට්ටියක්වත් ලැබෙනවද ?
ලෝකේ රසම අන්නාසි කොහොමත් තියෙන්නේ ලංකාවේ