(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.
එසේම ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළුද කුණු වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන මහතා සඳහන් කළේය.
රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන තේ වේල් සඳහා භාවිත කරන පිටි සහ සීනි ද කල් ඉකුත් වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවේය.
ඇතැම් අවස්ථාවලදී ආහාරයට නුසුදුසු මාළු සේවකයන්ගේ ආහාර වේල් සඳහා ආහාර සැපයීම බාර අදාල කොන්ත්‍රාත් සමාගම ලබාදෙන බව වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ සේවකයන් ගණනාවක් පැමිණිලි කර තිබෙන නමුත් තීරණය ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසාවෙන් රෝහල් බලධාරීන්ට කිසිවක් කළ නොහැකි බව වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවේය.
මේ පිළිබඳ කීප වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිපි මගින් දැනුවත් කර තිබෙන නමුත් තවමත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති යැයි වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.
රෝහලට ආහාර සපයන අදාල කොන්ත්‍රාත් සමාගම බන්ධනාගාර, හමුදා කඳවුරු සහ රාජ්‍ය ආයතනවලටද ආහාර සපයන බව වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවේය.
අදාල කොන්ත්‍රාත් සමාගමට වියළි ආහාර සලාක සඳහා මසකට මිලියන 76ක මුදලක්ද මාළු සඳහා මසකට මිලියන 15ක මුදලක්ද ලබාදෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට ඒ ජනතාවම ගෙවන බදු මුදලින් දියවන්නාවට, මැති-ඇමති බංගලා වලට, රජ ගෙදරට දෙන කෑම නම් ප්‍රමිතියෙන් ඇති විශිෂ්ටයි. දැක්ක නේද අරගල වෙලාවෙ රජ ගෙදර තිබිච්ච කෑම ටික, කකුළුවන්ගේ සයිස් එක එහෙම....
එතකොට බෙල්ලන මහත්තයට පඩි ගෙවන්නෙ මීඩියා වල පෙනී ඉදල ඔය ටික කියනවටද එහෙම නැත්තන් ඒ අදාල තනතුරේ වගකීම් ඉටු කරනවටද?
තමන්ගේ තනතුරේ වගකීම හරියට ඉටු කරන්නෙ නැතිව අමාත්‍යාංශයෙ අඩුපාඩු කියවනවා කියන්නෙම රාජකාරිය පැහැර හැරීම ක්. තමන් සේවය කරන රෝහලට සපයන අමු ආහාර ප්‍රමිතියට නැතිනම් ඒ පිළිබඳ වැටලීම් කරන්න අදාල ආයතන එක්ක සම්බන්ධීකරණ කල හැකියි. එහෙම නැතිව මාධ්‍ය ඉස්සරහ තමන් හොදයි කියාගන්න යාමෙන් මෙයා කරන්නේ රෝහලේ රෝගීන්ට නොමිලයේ දෙන ආහාර ගන්න රෝගීන් අතර බයක් ඇතිකරන එක. ඒකෙන් ආහාර නාස්ති වෙනවා. වියදම් එහෙම්මමයි. කරුණාකර මෙයාට තමන්ගේ තනතුරේ වගකීම හරියට කරන්න කියන්න මාධ්‍ය වීරයෙක් වෙන්න කලින්