IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


පැහරගත් ‘ඒරිස්‘ ඉරානයට ය්‍රාතා කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලයට සම්බන්ධකම් තිබෙන බව පවසමින් ඉරාන නාවික හමුදා විශේෂ කාර්ය බළකාය විසින් අත්පත් කර ගනු ලැබූ පෘතුගාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ එම්.එස්.සී ඒරිස් ඉරානය බලා යාත්‍රා කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම නෞකාවේ 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට ඇති බවත් ඉන් 17 දෙනෙකු ඉන්දියානුවන් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එම ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ඉන්දියාව මේ වන විටත් ඉරානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භාණ්ඩ ප්‍රවාහන නෞකාව අත්පත් කරගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකාව ප්‍රකාශ කර සිටියේ ප්‍රකෝප ගැන්වීමකින් තොරව වෙනත් රටකට අයත් නෞකාවක් මෙලෙස අත්පත් කර ගැනීම මංකොල්ලකෑමක් බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්ය

.එම නිසා ඉරානය වහාම නෞකාව නිදහස් කිරීමටත් එහි නාවිකයන් නිදහස් කිරීමටත් කටයුතු කළ යුතු බව ඇමරිකාව ප්‍රකාශ කළේය.

ඉරාන නාවික හමුදාවේ  විශේෂ කාර්ය බළකාය ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් හොර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ ඒරිස් නෞකාව පසුගියදා අත්පත් කර ගත්තෙය.

 



අදහස් (3)

පැහරගත් ‘ඒරිස්‘ ඉරානයට ය්‍රාතා කරයි

Hemachandra Sunday, 14 April 2024 01:58 PM

හොඳයි

:       1       4

John Fernando Monday, 15 April 2024 11:03 AM

කාලකන්නි ඉරානය කෙරුවොත් ත්‍රස්ත ක්‍රියාවක්ම තමයි. ඉරාන ජාතිකයින් ගාව වැඩකරලා තියෙනවා නම් හොඳට දන්නවා. ජාතිය ඉරාන වුණාට පාස්පෝට් එක ප්‍රංශ හෝ යුරෝපියන් රටක්.

:       8       5

Bamunuarachchi Tuesday, 16 April 2024 08:23 PM

ඉරාණය මුව හමට තලනවා වගේ වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු - රයිස් මිල අඩු කරයි
2024 මැයි මස 03 16 0

ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා ප


අරාබියේ හිරගෙවල්වල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව
2024 මැයි මස 03 276 0

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇත


‘මුහුදු රළ ගැන අවධානයෙන් ඉන්න‘
2024 මැයි මස 03 157 0

මෙරට ඇතැමි ප්‍රදේශවල මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරන ලෙස දන්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් ක


පුදුකුඩිඉරිප්පුවට ඊශ්‍රායල් රැකියා
2024 මැයි මස 03 325 1

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේ දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක


නිලධාරී හිඟයෙන් පුරාවිද්‍යාව කොට උඩ
2024 මැයි මස 03 111 1

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1576 දෙනකුගේ උග්‍ර හිඟයක් පවතින බව වාර්තාවේ.


පදවාගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් හිටි හැටියේ ගිනි ගනී
2024 මැයි මස 03 191 0

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් නානුඔය, තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද (03) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ගොස් ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 467 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1897 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1683 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site